Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

විද්‍යා කතන්දර

About this book

නිව්ටන් ගේ මේ කතාවෙන් කියැවෙන්නේ පොල් බිමට වැටෙන්නේ පොළොව

හා පොල් ගෙඩිය අතර ඇති ගුරුත්වාකර්ෂණය මඟින් බව ය. එහෙත් මේ කතාවෙන් නොකියැවෙන දෙයක් ද කියැවීමට අපට පුරුදු කර ඇත. එ නම් පොල් ගෙඩිය බිමට (පොළොවට) වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය බව ය. එය එ සේ නො වේ. පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා නො වේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය හෙවත් ආකෘතිය නිර්මාණය වුණේ පොල් (අඩු ම තරමින් ඇපල්) බිමට වැටෙන නිසා ය. පොල් (ඇපල්) බිමට නොවැටෙන්නට නිව්ටන් ඔ වැනි කතාවක් නිර්මාණය නොකරනු ඇත. නිව්ටන් නිර්මාණය කළ, එ නම් ගෙතූ කතාව පට්ටපල් බොරුවක් යැ යි ඉන් අවුරුදු දෙසිය පනහකට පමණ පසු ව අයින්ස්ටයින් කීවේය. එ සේ කී අයින්ස්ටයින් පොල් ගෙඩි බිමට වැටීම පිළිබඳ ව වෙනත් කතාවක් ගෙතුවේ ය.

“නිව්ටන්ලා අයින්ස්ටයින්ලා තම කතා ගෙතුවේ ඔවුන් ගේ සංස්කෘති තුළ ය. මේ කතා සිංහලයෙන් අප කියන්නේ කෙසේ ද? අප මුහුණ දෙන ප්‍රධාන ම ගැටලුව ඒ සඳහා භාෂාවක් නිර්මාණය කිරීම ය. එය තරමක් පළල් හා ගැඹුරු කටයුත්තකි. අද බටහිර විද්‍යාව පිමේ වර්ධනය වෙයි. ක්වොන්ටම් භෞතිකය, ජෛව තාක්ෂණය, සාපේක්ෂතාවාදය, විශ්වය ආදිය පිළිබඳ ව බටහිර විද්‍යාවට කීමට ඇති නවතම කතා ගැන අපි කතා කරමු.”

ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්වවිද්‍යාලයෙහි ගණිතය හැදෑරූ නලින් ද සිල්වා සිය පශ්චාත් උපාධිය ලබාගත්තේ තාරකා භෞතික විද්‍යාව විෂය කරගනිමින් බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනි. ඒ සඳහා ඔහු 1970 දී ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනයෙහි, භ්‍රමණය වන වස්තු වටා භ්‍රමණයට ප්‍රතිවිරුද්ධ අතට ප්‍රක්‍ෂේප කෙරෙන අංශු, අවස්ථිති සමුද්දේශ රාමුවේ භ්‍රමණයත් සමඟ ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස, පසු ව වස්තුව භ්‍රමණය වන අතට ම චලනය වන බවට අයින්ස්ටයිනීය ප්‍රවාදය යොදා ගනිමින් සෛද්ධාන්තික ලෙස පළ කළ අනාවැකිය අසූව දශකය අග දී බ්‍රිතාන්‍ය-ඇමරිකානු ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් කළ පර්යේෂණයන්හි දී සනාථ වි ය.

නලින් ද සිල්වා මාක්ස්-ට්‍රොටිස්කිවාදියකු ලෙස හා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු ලෙස ඒ ක්‍ෂේත්‍ර දෙකෙහි ම ගැඹුරට අධ්‍යනය කිරීමේ ඵලය වූයේ ඔහු ක්‍රමයෙන් මාක්ස්- වාදයෙහි මෙන් ම විද්‍යාවෙහි ද පදනම ප්‍රශ්න කරන්නකු බවට පත් වීම ය. එහි ඵල වශයෙන් 1986 දී එළිය දුටු ඔහු ගේ 'මගේ ලෝකය’ කෘතිය සමස්ත ලෝකය මත ම බටහිර ආධිපත්‍යය පැතිරවීමේ මතවාදී පදනමට එල්ල කළ මරු පහරක් වී ය, එ තැන් පටන් ඔහු ලියූ ලිපි-ලේඛන හා කළ දේශන ද කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ ආචාර්ය- වරයකු ලෙස ගෙවූ කාලයේ ඔහු ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ ‛ගවේෂකයෝ’ ද ඔහු ලේකම් පදවිය දැරූ 'චින්තන පර්ෂදය’ ද මෙ රට සමාජ-චිත්තය කෙරෙහි සුවිශේෂ වූ බලපෑමක් කර ඇත.

ISBN
9789553407207
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විද්‍යා කතන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.