Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විශ්ම
About this book

මේ වනාහි විශ්ම නැමති සුපිරි රොබෝවරයාගේ කතාව නොහොත් ඔහුගේ පැවැත්මේ නිෂ්ටාවයි. ඒ අරුතෙන් මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොවන්නාසේම කෙටි කතාවක් හෝ නවකතාවක් ද නොවන්නේය. එනයින් මෙය හැඳින්විය යුත්තේ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙසය. එබැවින් "විශ්ම" යනු විද්‍යා ප්‍රබන්ධ කතා කලාවේත්, නවකතා කලාවේත් දෙමුහුමක් බඳු නව සාහිත්‍යාංගයක් වන්නේය.

ඒ අරුතින් මෙය සිංහල සාහිත්‍යය වංශයට නැවුම් සාහිත්‍ය ෂානරයකි. විද්‍යාවත්, කලාවත් දෙමඟක යන බවක් පෙනුණ ද අවසාන විශ්ලේෂණයේදී මේ ධාරාවන් දෙකම යා යුත්තේ එකම සාරයක් සොයා ගෙනය. ඒ මිනිස් දිවියට නව අරුතක් එක් කරන්නටය. එබැවින් විද්‍යාවෙන් කලාවටත්, කලාවෙන් විද්‍යාවටත් ලද හැකි ආලෝකය සුළුපටු නැත. ඉඳින් කුමකට දෙමඟක යා යුතු වන්නේ ද? එක්ව එක මග යාම විද්‍යාවටත් සාහිත්‍යයටත් එකසේ වැඩදායකය.

විද්‍යා ප්‍රබන්ධ කතා කලාවත්, නවකතා කලාවත් එක් කරන මේ නව සාහිත්‍ය ෂානරය, විද්‍යා ප්‍රබන්ධ නවකතාව ලෙස අබිසෙස් ලැබිය යුත්තේ එබැවිනි.

පරම නිෂ්ටාව නම් එකක්මය. අපට ඒ වෙත විවිධ මං ඔස්සේ පිය නැගිය හැකිය.

ISBN
9786246416218
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විශ්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.