විසි අට
රසයන්ගෙන් යුක්ත වූයේ සාහිත්‍යය නම් වේ. එකී සාහිත්‍යය ගද්‍ය, පද්‍ය, දෘශ්‍ය ආදි විවිධ කාව්‍ය ප්‍රභේදයන්ගෙන් යුක්ත ය. මෙහි ගද්‍ය සාහිත්‍යය නැවත ද නවකතා, කෙටිකතා ආදි වශයෙන් විභේදනයට ලක් වෙයි. නවකතා ද ඓතිහාසික, යොවුන් ආදි විවිධ අනුප්‍රභේදයන්ගෙන් යුතු වෙයි.
කොළඹ මහනගර සභාව, ජාතික පුස්තකාලය හා විජය පුවත්පත එක් ව ගුරුවරුන් අතර පැවැත්වූ මාර්ටින් වික්‍රමසිංහ ජන්ම ශත සංවත්සර යොවුන් නවකතා අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය කළ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වසන්ත කහඳගමගේ තත් විෂය ක්ෂේත්‍රය මැනවින් අවබෝධ කොටගෙන නිර්මාණකරණයෙහි යෙදෙන ධීමතෙකි. ඔහු විසින් රචිත කෘතිය වනුයේ “විසි අට” යන්න යි. අංක 28 ජනපදයේ ජීවත් වූ කොලුගැටයෙකුගේ ජීවන අත්දැකීම් අනුසාරයෙන් ලියැවුණු මේ යොවුන් නවකතාවෙහි ග්‍රාමීය පරිසරය හා බැඳුණු ‘සියඹලා ඇට ගැසීම, ගල් හත කැඩීම, ඇළේ පැන ක්‍රීඩා කිරීම’ වැනි විනෝද ක්‍රීඩා ද ‘නියං කාලයෙහි වැල්ල හාරා බැරල් ළිං සෑදීම’ වැනි ජීවිතයේ දුෂ්කර අවස්ථා ද ‘මිරිදිය ධීවර කර්මාන්තය’ වැනි ආර්ථික සංවර්ධන ක්‍රියා ද ‘සමන්ගල පුදබිමට යාම’ වැනි ආගමානුකූල කාර්යයන් ද කතාව රසවත් වීමට අත්‍යන්තයෙන් ම හේතු වී තිබේ. ‘කිඹුලකුගේ ග්‍රහණයට හසු වූ දරුවකු බේරා ගැනීම’ වැනි වීර ක්‍රියා මේ නවකතාව කුතුහලයෙන් හා ඖත්සුක්‍යයෙන් කියවීමට පාඨකයා යොමු කරවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.