වදන් තුන්කන්සෙන්
වදන් යනු වචනය. තුන්කන්සෙන් යනු ඇඟ පුරාය. සෑම මිනිසෙකුම සිය මුඛයෙන් කරන කතාබහට වඩා ඔහුගේ/ ඇගේ අඟපසඟ කතා කරන්නේය. එයින් නොවළහා අදහස් ප්‍රකාශ වේ. මිනිස් මුවෙන් කියන දෙය සත්‍ය හෝ අසත්‍ය හෝ වංක හෝ අවංක වේ. එහෙත් ඒ ඒ පුද්ගලයාගේ අඟපසඟ හා ඉරියව් කියන දේ තුළින් ඔහුට /ඇයට කවරාකාරයකට අයත් හැඟීම් හෝ අදහස් හෝ සැඟවීමට නො හැකිය.
මිනිස් ඇඟ පුරා වචන කියැවීම ඔබ පොතපතින්, ඇසුරින් හා අත්දැකීමෙන් ලබන දායාදයක් හා ශික්ෂණයක් වේ. මේ නවකතාව ලිවීමට දේහලක්ෂණ විද්‍යාව, අංගචනල හා ඉරියව් මෙන්ම ළමා අපචාර ගැන ලියැවුණු පොත් හා පර්යේෂණ ලිපි රැසකින් උකහා ගත කරුණු පදනම් කැර ගැනිණ. අඳුර හැම දා තිබේ. එසේ වුවද එයින් බේරීමට කුප්පිලාම්පු මතු නොව විවිධාකාර රශ්මි ධාරා විදින විදුලි පහන් ද ඇත.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.