Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වැලි කතරේ සංග්‍රාමය

වැලි කතරේ සංග්‍රාමය

About this book
අධික වේගයෙන් පැමිණෙන ගුවන් යානයක හඬ ඔහුට ඉතා මෑතින් ඇසිණි. තවත් මොහොතකින් රළු මුදුනින් යුතු කඳු ගැට යුගලයක් අතරින් මතු වු මගී ගුවන් යානයක් ඔහුට මඳක් ඉහළින් ඔහු පසු කොට ගියේ ය. ඒ පිටුපසින් පැමිණෙන තනි අසුනින් යුතු තවත් යානයක් දුටු ඔහු තැතිගත්තේ ය. එහි පෙර කොටසෙහි සවි කළ තුවක්කුවලින් නොනැවතී නික්මෙන වෙඩි ප්‍රහාරය දෙස ඔහු බලා සිටියේ වශි වූවකු පරිද්දෙනි.
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ★★★★★ Fiction - Detective
    වැලිකතරේ සංග්‍රාමය - Biggles Difends the Desert

    "අහසේ කවාකාර ව පියාසර කරමින් මඳ වෙලාවක් අවට නිරීක්ෂණය කළ බිගල්ස් වේගයෙන් වෙඩි පහර කිහිපයක් පහලට එල්ල කළේය. ප්‍රථම ව්‍යායාමය ව්‍යවර්ථ වූ නමුදු දෙවැන්න සතුරාගේ ඉන්ධන ගබඩාවට එල්ල වූ හෙයින් අඛණ්ඩ වූ ගින්නක් ඉඳි ගස් මුදුන් දක්වා නැගුනේ ය."

    මෙය වූ කලී මිත්‍ර පාක්ෂික හමුදාවල ගුවන් සැපයුම් මාර්ගය අවහිර කරමින් උපායෙන් ගුවන් යානා විනාශ කරන්නා වූ ජර්මන් ජාතික අනුඛණ්ඩයක් සමඟ ගැටෙන බිගල්ස්වර්ත් ඇතුළු පිරිස සතුරා පළවා හරින මෙහෙයුමක් පිළිබඳ කතාවකි.
    Ranga Yudara ·
Write a review

You're reviewing: වැලි කතරේ සංග්‍රාමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.