Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වහලක් නැති මාලිගාව

වහලක් නැති මාලිගාව

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

"මෙය ත්‍රාසජනක වූ, සිතුම් ග්‍රහණය කරගන්නා වූ කතාන්දරයකි. කියවා හමාර වන තුරු ඔබ එය පසෙක නොතබනු ඇත.” -නිව්යෝර්ක් ටයිම්ස්-

හුදෙකලාව සහ දුරස්ථභාවයට පත්වීම නිසාම එකිනෙකාට සමීප වූ ජෝර්ජ් සහ ඔහුගේ අහිංසක මිතුරා ලෙනී, අසරණයන්ටම පොදු වූ සිහිනයක අතරමං වෙති. එනම්, තමන්ටම කියා නිවහනක් හිමි කරගැනීමයි.

කැලිෆෝර්නියාවේ සැලිනස් නිම්නයට පැමිණ රැකියා ලබාගන්නා මේ දෙදෙනාගේ පැතුම් බොඳවී යාම මහා ලේඛක ස්ටෙයින් බෙක් දුටුවේ කුමන අයුරකින්ද? රොබර්ට් බර්න්ස් කවියාගේ ජනප්‍රිය පැදි පෙළක දැක්වෙන කතා පිංචකින් හැඟවෙන පරිදිය. මීයන් විසින් ඉරිඟු යායක සාදන ලද පුංචි කූඩුව මිනිසුන් විසින් නගුලෙන් හාරා විනාශ කර දමන ආකාරයටය.

තව දුරටත් සඳහන් කරන්නේ නම් Of Mice and Men වූ කලී මේ මිහිතලයේ තමන්ට හිමි සුවිශේෂ ස්ථානය කුමක්දැයි අවබෝධ කරගැනීම සඳහා අරගලයක යෙදෙන පිටස්තරයන් දෙදෙනෙකුගේ සම්භාව්‍ය වාචික චිත්‍ර සටහනයි.

ISBN
9789558033951
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වහලක් නැති මාලිගාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.