වම සහ ජීවිතය
සිරිතුංග ජයසූරිය විසින් රචිත මේ කෘතිය එක් අතකින්
ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ ව්‍යාප්තිය, එහි ගැටලු සහ
බිඳවැටීම විස්තරාත්මකව සටහන් කිරීමකි. එය ලංකා
සමසමාජ පක්ෂය සහ නව සමසමාජ පක්ෂය ප්‍රධාන
වමේ පක්ෂවල අතීත කතාවයි.
තවත් අතකින් සිරිතුංග නැමැති වාමාංශික ක්‍රියාධරයාගේ
දේශපාලන ජීවිතය පිළිබඳ ස්වයං චරිතාප්‍රදානයක් ලෙස ද
මෙම කෘතිය සැලකිය හැකි ය.
එසේ වුවද සාමාන්‍යයෙන් ස්වයං චරිතාප්‍රදායනයක එන
තම පුද්ගලික ජීවිතයේ සුබ දුක්ඛ දෝමනස්සයන්,
පවුලේ විස්තර, ජයග්‍රහණය ආදිය ගෙනහැරපෑම
අරමුණු කරගත් ලියවිල්ලකට වඩා හාත්පසින්ම මෙය වෙනස් වෙයි.
'වම සහ ජීවිතය' 1935 ඇරඹී ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ
ගමන්මග අධ්‍යයනය කරන විද්‍යාර්තීන්ට බෙහෙවින්
ප්‍රයෝජනවත් ප්‍රකාශනයක් ලෙස නොපැකිලව
හඳුන්වා දිය හැකි ය.
ජයතිලක කම්මැල්ලවීර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.