Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

වරා

About this book

වේදනාව.......... දොර කවුළුවලින් වාං දැම්මාය. මම හිත් පිත් නැතිවා සේ හැල්මේ එදෙස බලා උන්නෙමි. ඒ වේදනාව මගේ පපුවට උඩින් පිටාර ගැලූ තැනක. මම මිය යනු ඇතැයි මා විශ්වාස කළෙමි. හුස්ම වුව නොවැටුණ සේ මම උන්නේ ඒකය. දුක, සතුට, අතහැරීම්, බලාහිදීම්, කළකිරීම් යන සියලූ සංවේදනයන් හදවත් ගැඹුරක නිදිකරවා මම සිහි විසංඥව ගිය ප්‍රාණයක් සේ හැඟුම් නැති ඇස් දරා උන්නෙමි. උහුලාගනු බැරි දුක් කම්කටුලු මගෙ දෙපා මුල ඉහිරෙද්දී මම මහ පොළොවේ වැතිර හඬාවැටුනෙමි. ජීවිතයේ තිත්ත රස විතරක්ම දිව හා බැලූ මම අතීතයේ අඳුරු සෙවණැළිවල ඇති රුදුරු බව විතරක්ම දුටුවෙමි. ඒත් පැහැදිලි දිය පොදක් තරම් පිරිසිදු වූ නොකැළල් වූ මාගේ ප්‍රේමයේ ඡායාවන් හදවතේ කැඩපතින් මම ජීවමානව දැක්කෙමි. පපුවේ හරි මැද නුඹ තැබූ ප්‍රේමයේ අචල මුද්‍රාව ළඟ මම සසැලුනේ ඒකය. දරා හිඳින්නට බැරි තරම් දරා ගත් ජීවිතයක්, අතහරින්නට බැරි තරම් අල්ලා උන් ප්‍රේමයක් ළඟ අවසන මම සැනසුම් සුසුම් තැවරුවෙමි. ඉතින් මේ පපුවට අත තබා බලනු මැන! මා ලද සියළු සංවේදනයන් නුඹට ද, දැනෙණු ඇත.

Details
ISBN
9786249804104
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: වරා

Reviews are published once a member of our team has read them.