වේදනාව.......... දොර කවුළුවලින් වාං දැම්මාය. මම හිත් පිත් නැතිවා සේ හැල්මේ එදෙස බලා උන්නෙමි. ඒ වේදනාව මගේ පපුවට උඩින් පිටාර ගැලූ තැනක. මම මිය යනු ඇතැයි මා විශ්වාස කළෙමි. හුස්ම වුව නොවැටුණ සේ මම උන්නේ ඒකය. දුක, සතුට, අතහැරීම්, බලාහිදීම්, කළකිරීම් යන සියලූ සංවේදනයන් හදවත් ගැඹුරක නිදිකරවා මම සිහි විසංඥව ගිය ප්‍රාණයක් සේ හැඟුම් නැති ඇස් දරා උන්නෙමි. උහුලාගනු බැරි දුක් කම්කටුලු මගෙ දෙපා මුල ඉහිරෙද්දී මම මහ පොළොවේ වැතිර හඬාවැටුනෙමි. ජීවිතයේ තිත්ත රස විතරක්ම දිව හා බැලූ මම අතීතයේ අඳුරු සෙවණැළිවල ඇති රුදුරු බව විතරක්ම දුටුවෙමි. ඒත් පැහැදිලි දිය පොදක් තරම් පිරිසිදු වූ නොකැළල් වූ මාගේ ප්‍රේමයේ ඡායාවන් හදවතේ කැඩපතින් මම ජීවමානව දැක්කෙමි. පපුවේ හරි මැද නුඹ තැබූ ප්‍රේමයේ අචල මුද්‍රාව ළඟ මම සසැලුනේ ඒකය. දරා හිඳින්නට බැරි තරම් දරා ගත් ජීවිතයක්, අතහරින්නට බැරි තරම් අල්ලා උන් ප්‍රේමයක් ළඟ අවසන මම සැනසුම් සුසුම් තැවරුවෙමි. ඉතින් මේ පපුවට අත තබා බලනු මැන! මා ලද සියළු සංවේදනයන් නුඹට ද, දැනෙණු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.