Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මගෙම වැහි කවිය නුඹ

මගෙම වැහි කවිය නුඹ

About this book

හීන ගෙයක නුඹ දොරගුලු බින්දේය.
දහසක් හීන දෙපතුල්
ගාව කඩා ඉහිරි වැටෙන තුරුත් මට නොදැනුණි.
දුක ගැන අල්ප මාත්‍රයක්වත් නිනව් නැති ලෝකයක
සැරිසැරූ මම දුක අතපත ගා බැලුවේ නුඹෙ ප්‍රේමය ළගදීය.
දහසක් රිදුම් වේදනා අභිමුවත් ප්‍රේමයට ප්‍රේමය විශ වූවත්
මට ඔය ඇස් අමතක කරන්නට බැරි වුනේ ඒකය.
ජීවිතය.... අතීතය ළග දියව යන තුරුත් මට ඔය දෑත් අත
හරින්නට බැරි වුනේ ඒකය.ප්‍රේමය ළග සිනහ දුන් නුඹම,
ජීවිතය ළග මා හැඩවූවේය.
ප්‍රේමය ළග මා රැකගත් නුඹම,
ජීවිතය ළඟ මා විනාශ කරවූවේය.
ඒත් තවමත් නුඹ බිඳ දැමූ ඒ හීන ගෙයට මම රිසි වෙමි.
අදත් ඒ අහුමුලුවල ඇවිද යන්නට මම ආස වීමි.
සහසක් වේදනා මැවූ නුඹේ ප්‍රේමයට අදත් මම ලෝභ වෙමි.
ඉතින් මම නුඹට කියමි.
එක වචනයකින්වත්,
එක බැල්මකින්වත්,
එක සිතුවිල්ලකින්වත්
අදත් මට නුඹව රිදවන්නට බැරිය.
නුඹට ද්වේශ කරන්නට බැරිය.
නුඹට වෛර කරන්නට බැරිය.
අදහන්න මං ඒ තරම් ආදරේ කළා... 

ISBN
9786245658282
පිටු ගණන (Pages)
278
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මගෙම වැහි කවිය නුඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.