Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

About this book

කතුවරයා ගැන

තිස්ස කොරතොට හට මා හෘදයංගමව ආසක්ත වූයේ ඔහු මට මුණගැසෙන්නට බොහෝ කලකට පෙරය. ඒ ‛ඉරිදා දිවයින’ පුවත්පතේ පළ වූ ඔහුගේ විවිධ ලිපි කියවා ලැබූ ආස්වාදය නිසාය.

තිස්සගේ ලේඛන පදාසය ඔහු නොයෙක වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් බරසාර, හරසාර සහ රසසාර කරයි. එය මනහර සිතුවමක් විඳගන්නා සේය. ඔහු සතු හෘද ප්‍රකම්පිත බස්වහර විටෙක පපු කුහරයේ අහුමුලු තුළට ද වැද සසල කරවන තරම්ය. තිස්සගේ නිර්මාණශීලී ලිපි සැරියට මා පෙම් බඳින්නෙකු වූයේ ඔහු දකින්නට පෙර සිට යැයි පැවැසුවේ එහෙයිනි.

ඔහු 'ඉරිදා මව්බිම ට එක්වීමෙන් පසු මම ඔහුගේ සමීපතම සහෘදයකු වීමි. ඔහුගේ ලේඛනයේ අපූර්වත්වය මා නිදර්ශනාර්ථයෙන් ම අත්දැක විඳගත්තේ එහිදීය. තිස්ස අප මෙන් සිත් ඔලොගුව පුරා කර්කෂ ජීවන ගැටළු පොදි බැඳ කර ගසාගෙන යන්නෙකු නොවේ. ඔහු ඉතා සැහැල්ලුය සරළය.

තිස්ස කොරතොට නානාප්‍රකාර ලියන්නෙකු ද නොවේ. ලියන දෙයෙහි ප්‍රස්තුතය, සන්දර්භය පළමුව හද කම්පනය කළ යුතුම ය. සංවිභාගශීලී වීමෙන් අනතුරුව ඔහු පාඨකයාට සිය පන්හිඳෙන් තිළිණ කරනුයේ භාවාතිෂ අර්ථපූර්ණ ලේඛනයකි.

ඒ හෘද සංවේදිතාව තිස්සගේ නිර්මාණශීලී ලේඛනයේ හැඳුනුම්පතය. ඒ හැඳුනුම්පත තිස්සට ම ආවේණික ය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු

ISBN
9786246247041
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.