යක්ෂ දුසිම
එක්ටැම් මැඳුරේ විශාල ද්වාරය අගුලු ලා තිබිණ. ඔහු එහි අගුලට තෙවරක්ම පිට පිට වෙඩි තබත්ම පිස්තෝල මිට ඔහුගේ ඇඟිලි අතර දෙදරුම් කෑවේය. අගුල බිඳී ගිය පසු ඔහු දොරට පා පාහරක් දුන්නේය. දොර ඉතා බරැති එකක් වූ බැවින් එය ඉතා සෙමින් විවෘත විය. ඉන්ස්පැක්ටර් ජයන්ත වික්‍රම පටු බරාඳයකට පිවිස එක්ටැම් ගෙයි ගර්භය තුළට රිංගා ගත්තේය.
මළ සිරුරු එම්බාම් කිරීමට යොදා ගන්නා අම්ලවල අමිහිරි දුගඳක් ඔහුට දැනිණි. එක්ටැම් කුලුනේ ඇතුල් බිත්තියට පිටදී නතර වූ ඔහුට කුඩා විවරයක් තුළින් ඉටිපන්දම් රාශියක් දැල්වෙමින් තිබෙන ශාලාවක් දිස්විණ.
තද කළු පැහැති දිගු ලෝගුවලින් හිසේ සිට පාදාන්තය දක්වා ආවරණය කරගත් මිනිස් රූප දොළසක් එහි සිටියහ. යක්ෂ දුසිම ඉදිරියේ වූ යෝධ ගල් ලෑල්සක් මත සතපවා තරුණියකගේ නිරුවත් සිරුරක් තිබුණේය. ඒ කාංචනමාලාගේ සිරුරය.
ඇගේ උගුරුදණ්ඩ කපා දමා තිබුණු අතර අමු ලේ යක්ෂ දුසිම ඉදිරිපිට වූ ලෝකඩවලින් අඹා නිම කළ බිහිසුණු පෙනුමැති යක්ෂ පිළිමයේ සිරස මතට සීරුවෙන් වැගිරෙමින් තිබිණ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.