යක්ෂ දුසිම

Special Price රු. 810.00 Regular Price රු. 900.00
In stock
SKU
yaksha-dusima-vernon-perera-dayawansha

එක්ටැම් මැඳුරේ විශාල ද්වාරය අගුලු ලා තිබිණ. ඔහු එහි අගුලට තෙවරක්ම පිට පිට වෙඩි තබත්ම පිස්තෝල මිට ඔහුගේ ඇඟිලි අතර දෙදරුම් කෑවේය. අගුල බිඳී ගිය පසු ඔහු දොරට පා පාහරක් දුන්නේය. දොර ඉතා බරැති එකක් වූ බැවින් එය ඉතා සෙමින් විවෘත විය. ඉන්ස්පැක්ටර් ජයන්ත වික්‍රම පටු බරාඳයකට පිවිස එක්ටැම් ගෙයි ගර්භය තුළට රිංගා ගත්තේය.

මළ සිරුරු එම්බාම් කිරීමට යොදා ගන්නා අම්ලවල අමිහිරි දුගඳක් ඔහුට දැනිණි. එක්ටැම් කුලුනේ ඇතුල් බිත්තියට පිටදී නතර වූ ඔහුට කුඩා විවරයක් තුළින් ඉටිපන්දම් රාශියක් දැල්වෙමින් තිබෙන ශාලාවක් දිස්විණ.

තද කළු පැහැති දිගු ලෝගුවලින් හිසේ සිට පාදාන්තය දක්වා ආවරණය කරගත් මිනිස් රූප දොළසක් එහි සිටියහ. යක්ෂ දුසිම ඉදිරියේ වූ යෝධ ගල් ලෑල්සක් මත සතපවා තරුණියකගේ නිරුවත් සිරුරක් තිබුණේය. ඒ කාංචනමාලාගේ සිරුරය.

ඇගේ උගුරුදණ්ඩ කපා දමා තිබුණු අතර අමු ලේ යක්ෂ දුසිම ඉදිරිපිට වූ ලෝකඩවලින් අඹා නිම කළ බිහිසුණු පෙනුමැති යක්ෂ පිළිමයේ සිරස මතට සීරුවෙන් වැගිරෙමින් තිබිණ.

Author වර්නන් පෙරේරා - Vernon Perera (23)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (627)
More Information
ISBN 9786245710515
පිටු ගණන 167
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Back to Top