Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / 26 වෙනි මූණ

26 වෙනි මූණ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

‛‛පපුව’’ කතාව කියවන විට මම වෙව්ලා ගියෙමි. එය මුළුමනින් ම මගේ කතාව යි. වැඩුණු පිරිමියෙකුගේ අභ්‍යන්තර ලෝකයට මෙතරම් සූක්ෂ්ම ව පිවිසෙන්නට තරුණ ගැහැනියකට හැකි ද? මේ මට්ටමේ ගවේෂණයක් සිදු කළ හැක්කේ වයස පනහ හෝ හැට පසු කළ කාන්තාවකට පමණක් බව මම විශ්වාස කළෙමි. එහෙත් අනායාසයෙන් මනූෂා එය සාක්ෂාත් කර ඇත. පිරිමින් යනු ස්වයං මුළාවේ හසළයන් වුව ද, ඔවුන්ට ඒ බව වැටහෙන්නේ බොහෝ කාලයක් ගත වූ පසුව ය. නමුත්, ඒ මනෝභාවයන් ඉතා විශිෂ්ට ලෙස ඇය විනිවිද දැක ඇත. ඉන් ඔබ්බට, ඇගේ බොහෝ කතා කෙතරම් ආනන්දයක් සහ සන්සුන් හැඟීමක් ඇති කරවන්නේ ද යත්, එය ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම ආදර කතා සමඟ සම මට්ටමක පවතී.

තවදුරටත් ඊෂාන්ගේ පරිවර්තනය කෙතරම් දක්ෂ ද යත්, මනූෂාගේ මනමෝහනීය භාෂා ශෛලිය සමග ඔහු කරට කර සටන් වැදී ඇතැ යි මට සිතේ. සැබැවින් ම මට ඇගේ පොතෙන් ඡේදයක් හෝ සිංහලෙන් කියවන්නට හෝ අසන්නට අවශ්‍ය ය.

මනූෂා භාෂාවෙන් මායාවක් සිදු කර ඇත. එක්කෝ ඒ ඉන්ද්‍රජාලයට ඇතුළු වී ඔබට නැවත පැමිණිය හැකි ය. නැතහොත් එහි ගැඹුරට ම ගිලී යන්නට ද හැකි ය.

ප්‍රවීණ තමිල්නාඩු ලේඛක - චාරු නිවේදිත 

ISBN
9786242108698
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 26 වෙනි මූණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.