ආඩම්බර හීනයක් 2
" ඒ කියන්නෙ කවදාවත් අභිරුට සමාවක් නෑ කියන එකද නුමා''
බැනුම් බලාපොරොත්තුවෙන් වුවද ඈ ඇසුවේ ඇසිය යුත්තකි. "
''පනක් දෙවෙනි කරලා ආදරේ කරපු හිතක් සැක කරපු මිනිහෙක් සමාව
කියන වචනෙත් දඬුවමක් මයූ. මන් එයාගෙම විතරයි කියලා
දැන දැනත් එයා පිලිගත්තේ රට්ටු කියන දේවල්, එයාට තිබ්බ එකම
එක පාරක් මගෙන් අහන්න. මාත් වැරදි. එයාලා හතුරො කියලා නොදැත.
ඉශේන්ව යාලුවෙක් කරගත්තා. ඒ විතරක් නෙමෙයි ඒක අභීගෙත් හැංගුවා.
ඒත් එයා අපේ ආදරේ සැක කරපු එකට මට සමාවක් දෙන්න බෑ මයූ.
එයාගෙම වෙච්ච මාව එයා මොත හිතකින්ද තව එකෙක් එක්ක
නිදි වැද්දුවේ. ඔයා කියන්නේ මට මේ දේවල්වලට සමාව දෙන්න කියලාද?
බෑ මයූ බෑ. එයා මට ගහපු බැනපුවා ඉවසුවත් මගෙ ආත්මෙම අර විදියට
හපයක් ගානට දාද්දී මන් දරාගන්නේ කොහොමද කියලා එයාට හිතන්න
තිබ්බා. ජීවිතේට අතක් උස්සලා නැති එයාම තොල කට පුපුරලා
ලේ ගලන්න මට ගහද්දිත් මන් එකම එක දෙයයි එයාට කිව්වේ
මගෙ ඇස් විශ්වාස කරන්න කියලා. මගෙ ඇස්වල ඉන්නේ
එයාම විතරයි කියලා එයා විශ්වාස කලා නම් මෙහෙම දුකක් නෑ මයූ.
අර තරම් අමානුශික වෙච්ච මිනිස් වෙස් ගත් තිරිසන් ආත්මයක්
ලගට මට ආයෙත් යන්න බෑ කෙල්ල.''
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.