රන් හුයක කඳුළු
“මං මේ තමුන්ව බඳින්නේ මට වෙන කෙල්ලෙක් හොයාගන්න බැරිකමට නෙමේ... ඔය රූපෙට වහ වැටිලත් නෙමේ.. මං කෙනෙක්ට ආදරේ කරනවා... කවදා හරි මගේ කරගන්නෙත් එයාව...”
එයා එහෙම කියද්දි මං ගල් ගැහිලා වගේ එයා දිහා බලන් උන්නා. කෙනෙක්ට ආදරේ කරනවා කියද්දි මගෙ පපුව ඇවිළුණා.
“හැබැයි මට එයා ගාවට දැන්ම යන්න බෑ... ආන් ඒ හින්දයි මං තමුන්ව බඳින්නේ... හරි ඉක්මනට මං තමුන්ව මේ කසාදෙන් නිදහස් කරනවා... ලොකු වන්දියකුත් එක්ක... උපරිම අවුරුද්දක් යයි... සමහරවිට මාස හයක්... මං තමුන්ගෙ ඇඟට අතක්වත් තියන්නෙ නෑ... නමට කසාද ගෑනි වෙලා මාස හයක් රඟපානවා... ඒකට මං තමුන්ට හොඳට ගෙවනවා...”
හදවත පාරන ඒ වචන මාව අමු අමුවේ පිච්චුවා වගේ... කසාදේ කියන්නෙ ගිවිසුමක් ද? බිස්නස් එකක්ද?
”ලෑස්ති වෙනවා... ඉක්මනටම බැඳලා ඉක්මනට ඩිවෝස් වෙන්න..”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.