ආදරණීය කඳුළු, ඔබ හමුවන තුරු 1
"ඇයි.... ඇයි හැමෝම මට මෙහෙම කරන්නේ..?"
සවීරා ඉකිගසමින් කතා කරන්නට පටන් ගත්තාය.
"මට දැන් හරිම මහන්සී... මට තවත් මේ දේවල් දරාගන්න බැරි වේවි...” සවීරාගේ කඳුළු නැවතත් අලුත් වෙද්දී ඇය ඉකිගැසීම් අතරින් කීවාය.
"ඔයාලා.... හැමෝම ඇයි මට මෙහෙම කරන්නේ? ඔයාලට රවට්ටන්න, ලැජ්ජා කරන්න, රිද්දන්න මම විතරමද මේ ලෝකෙ ඉන්නේ.? ඇයි මෙහෙම කරන්නේ..?”
සවීරාගේ අලුත් වූ උණුසුම් කඳුළු බිඳු ඇයගේ කොපුල් දිගේ පල්ලම් බැස ගෙල පහලට ගලා ගියේය.වෙනදා නොතිබුණු අසරණ බවක් අද සවීරාගෙන් දිස් වුණි. මේ නිසාම ෂේද්ට තවදුරටත් ඇය දෙස බලා සිටීමට නොහැකි විය. ඔහුගේ පපු කුහරයේ සිට දරුණු වේදනාවක් උගුර දිගේ ඉහළට නැඟ එමින් තිබුණි.
"මගේ පපුව ගොඩක් රිදෙනවා... මට තවත් තනියම මේ දේවල් දරා ගන්න බෑ... ඇයි අප්පච්චි මාව දාලා ගියේ... ඇයි මගේ අම්මා මාව දාලා ගියේ.. ඇයි එයාලා මාව දාලා යන්න ගියේ..? අනේ... එයාලා එක්ක මාවත් මැරීලා යන්න තිබ්බේ...”
- සවීරා මන්දස්මි සූරියබණ්ඩාර –
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.