Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරණීය නිව්යෝර්ක්

ආදරණීය නිව්යෝර්ක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කතුවරයා විදෙස් රටවල ජීවත්විමෙන් ලත් අත්දැකීම් ද, විදෙස් ගත වු ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ ජීවන අරගලය සම්බන්ධ අත්දැකීම් ද හෘදයංගමව මේ නවකතාව නිර්මාණයේ දී ඉවහල් කරගෙන තිබේ. මේ වෘත්තාන්තය වූ කලී ධනවත් වීම - හරි හම්බ කර ගැනීම, ජීවිතයක සතුට සැනසුම ආශ්‍රය කර ගත් ජීවිත විවරණයක් වන්නේය. චරිත නිරූපණයේ දීද , වෘත්තාන්තය දිග හැරීමේ දී ද, කතුවරයා ඉවහල් කරගෙන තිබෙන්නේ බටහිර නවකතාවල විද්‍යාමාන සංවාද රීතියයි. ඒ හේතුවෙන් කියවීමේ රුචියත්, පාඨකයා අත්දැකීම සමඟ සහ සම්බන්ධ වීමත් නිරුත්සාහකව සිදු වන්නේය.

විදෙස් ගත ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ ජීවිතය හෝ ඛේදය සාකච්ඡා කරන නවකතා අද ලියවෙන්නේ වැදගත් සාධකයක් පදනම් කරගෙන යයි සිතමි. ඒ වූ කලී දියුණුව යනු කුමක් දැයි ප්‍රශ්න කිරීමය.

ශාමාල් ද සිල්වා මේ නවකතාවෙන් අපේක්ෂා කර තිබෙන්නේ නිසරු ජීවන පුරුෂාර්ථ ප්‍රශ්න කරමින්, මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හා සන්තුෂ්ටිය ගැන හෘදයාංගම සංවාදයක් නූතන සාහිත්‍ය සංවාදය තුළ දියත් කිරීමට යයි සිතමි.

ISBN
9789553122872
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරණීය නිව්යෝර්ක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.