ආදරයෙන් ඉපදී ආදරයෙන් මියැදුන රිච්මන්
රිච්මන්ඩ් ඛේදවාචකය දැන් නොදන්නා කෙනෙක් නැත. මන්දිරයෙන් එලියට යාම මුදලි තුමා සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. කිසිවකුට තමාව හමු වීමටද මුදලි තුමා අවසර නොදේ. ලොකු හාමුදුරුවන් හා ලොකු ඉස්කෝලෙ මහත්තයා මුදලි තුමා හමු වීමේ අවසරය ඉල්ලා තිබුනත් මුදලි තුමා ඊට එකඟ නොවූයෙන් ඔවුන් සිය අදහස අත්හැර දමා ඇත. අශ්ව කරත්ත සම්පූර්ණයෙන්ම ගාල් කල තැන් වලය. කාර් රථද ගරාජ් වල ගාල් කර ඇත. සියලු දෙයම අකර්මන්‍ය වූවා සේය. අඩුවක් වෙනසක් නැතිව කෙරෙන එකම දෙය මත්පැන් පානය පමනක් විය. ඒ සඳහා මුදලි තුමා කිසිවෙකුගේ සහාය නොපතයි. ඔහු තමන්ට රිසි සේ ඒ කටයුත්ත කරගෙන යයි. ඔහු මන්දිරයේ සිටින ඇත්තන් අතරින් කථා කරොත් කථා කරන්නේ අළුතින් පැමිණි පරන මැනේජර්වරයා සහ බෞජමින් කුරේ සමඟ පමනි. දිනක් බෞජමින් කුරේ මුදලි තුමාට වැදගත් විය හැකියි සිතිය හැකි තොරතුරක් රැගෙන ආවේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.