අකම්පිත
නවකතාවක් යනු මිනිස් සිතේ සියුම් අත්දැකීම්, ඉන්ද්‍රියගෝචර සංවේදන හා විවිධ හැඟීම්, රසඥතාවකින් යුතුව කලාත්මකව ඉදිරිපත් කරන භාෂාවේ කැඩපතයි. නන්දසේන මොරගොඩ සූරීන්ගේ ‘අකම්පිත’ නවකතාව ද ඉන්ද්‍රියගෝචර අත්දැකීම් ප්‍රණීත රසඥතාවකින් සම්ප්‍රේෂණය කරමින්, පිටිසර ගැමි සරල දිවියේ සිට මිනිස් සබඳතාවල ස්වභාවය පරිණාමවාදී දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය කරයි. කතුවරයා මෙම නව කතාව හරහා ලෞකික ජීවිතයේ නොනවතින අරගලය පමණක් නොව, එහි සැඟවුණු ආධ්‍යාත්මික ගැඹුරද මනාව විදහා දක්වයි.
චරිතයන්ගේ අත්දැකීම් හා වේදනාවන් හරහා පාඨකයාට ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ මෙනෙහි කිරීමට අවකාශ උදාවේ. ආගමික චින්තනයෙන් පෝෂණය වන චරිත බාහිර අභියෝග හමුවේ නොසැලී තම අභ්‍යන්තර සාමය ආරක්ෂා කරගන්නා ආකාරය දක්නට ලැබේ. අකම්පිත නවකතාවෙන් විද්‍යමාන ප්‍රේමය යනු හුදෙක් ආශාවන් හෝ තාවකාලික හැඟීමක් නොව, ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීමේ විශිෂ්ටතම මාර්ගයක් බව පවසමින්, පාඨකයා නව සිතිවිලි ධාරාවක නිමග්න කරයි.
ඒ අනුව ‘අකම්පිත’ නවකතාව පුස්තකාලයක රාක්කයකට සීමා වන නවකතාවකට වඩා ඔබේ හදවතේ සදාකාලිකව ඉතිරි වන අත්දැකීමක් බව කිව යුතුය. එය පාඨක මනසට දීර්ඝකාලීන ආධ්‍යාත්මික වූත් යථාර්ථවාදී වූත් ආලෝකයක් ලබා දෙනු නොඅනුමානය.
ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
කෝරලේගම ඤාණාවාස ස්වාමීන් වහන්සේ
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.