Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අඤ්ඤතරා නම් මණි පද්මය

අඤ්ඤතරා නම් මණි පද්මය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අඤ්ඤතරා නම් මණි පද්මය නාම කරණයෙන් යුතු මෙම ග්‍රන්ථය, සරල කතාවකට වඩා සිතුවිල්ලක ගමනාන්තයකි. මෙහි භාෂා ආඛ්‍යාන හැඩතල අතරින් පවා අපට දකින්නට ලැබෙන්නේ, බෞද්ධ ධර්මයෙහි ගැඹුරු රූපකවලට සම්බන්ධව යන අසිරිමත් මනෝභාවයයි.

මෙම ග්‍රන්ථය කියවිමේදී සත්‍යය හා මෝහය අතර සීමාව මැකී යයි. කාලය හා අවකාශය ආශාව හා විමුක්තිය මරණය හා නව ජන්මය යන මේ සියල්ලම . එකම ගැටුමක් ලෙසම පෙනේ. ඒ ගැටුමට නිශ්චිත හා නිර්මිත පිළිතුරක් ලබා දීම වෙනුවට කතෘ අපට අසමසම ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කරයි.

අනෙක් අතින්, මෙහි පෙනෙන්නා වූ රූපක සංකීර්ණතාව මේ සියල්ලටම එකම ආකාරයේ “නිරූපණ” බවක් ගෙන දෙයි. ඒ නිසා අඤ්ඤතරා නම් පුස්තකය කියැවූ අය තමන්ගේම මනෝභාවය තුළ නව අර්ථයන් සොයන්නට කැඳවීම වළකනු නොහැකි කරුණක් වන්නේ ය.

අවසානයේ “මණි පද්මය” නම් නවකතානු රූපකය සම්පූර්ණ පිළිතුරක්ම නොවෙයි. එය තමන්ගේම ජීවිතය හා මනසිකාරකය දකින්නට අපව ගෙන යන අඛණ්ඩ ප්‍රශ්නකාරක පටලයකි.

එනයින් කියැවූ අයගේ පසුගිය මතක. වත්මන් හැඟීම සහ අනාගතවාදී බලාපොරොත්තු අනුව මේ ග්‍රන්ථය හැම නිතරම වෙනස් අරුතක් ගන්නට උත්සුක වන බව කිව යුතු මනා ය.

ඒ හේතුවෙන් මෙය කියැවීම අවසන් වන විට එය අවසන් වෙන දෙයක් යනුවෙන් නම් කිරීම යුතු නොවේ. මන්දයත්, එය නව මගක් නව ප්‍රශ්නයක් නව ගැටුමක් සහ නව සෙවිමක් ද වෙයි.

කැකිරාවේ සුදස්සන හිමි

ISBN
9786245658831
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඤ්ඤතරා නම් මණි පද්මය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.