සන්තාන
කවි කතා ගැන දොඩවනා නන්දෙඩවිලි අහවර කළ යුතු බව දැනුම් දෙන වියමනක් මා අත්පත් වූ බව කිව මනා යැ නවකතාවකට කවියක් කියන්නට නොනැමෙනා කට 'සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට බඳුම යැ. එබැවින් සන්තාන යනු නවකතාමය ආකෘතිය රැගත් කවියක් කියන්නට මම පසුබට නොවෙමි. කාව්‍යාත්මක බස්වහර ගද්‍යයම යැයි කියන්නට හැක්කේ කවර ජගනෙක්ටද? කාව්‍යක්කාරී බව කිරා මැන පතරංග පල් සැහැලි ලිව හැක්කේ පොකාර වහසිබස් දොඩවන්නන්ට මිස අන් කවර ප්‍රාණි වර්ගයකට ද?
මහා කවි පී.බී. ෂෙලීන් කී ලෙස කවිය මං පෙන්වන්නේ බුද්ධියට නොව සංකල්පනය හා ප්‍රේමය දෙසට යැ. නමුදු පී.බී. අල්විසුන් කී පරිදි එය මිනිස් සන්තානයේ පාරිශුද්ධිය සමඟ ගමන් ගන්නා සම්භාවනීය චින්තනයක්ද යන්න පිළිබඳව නැවත සිනිය යුතු යැ. අධ්‍යතන පශ්චාත් විපරීත ඉරාවෙහි කාව්‍යාත්මක බසින් ලියැවුණු නවකතාවක් කියවන්නට ලැබෙන්නේ කන කැස්බෑ කතාන්දරයටත් වඩා විරල ව යැ. එවන් විපරීත යුගයක නවකෙකුගේ සන්තානයක් කවියෙන් පිරවිය හැකි සන්තානයක් ලියැවීම කවර වර්ගයේ භාග්‍යයක් ද?
බිම්සිරුන්ගේ මේ වීරාඛ්‍යානය දේශාපාලනිකව බැලූ කල අප හෙළන්නේ බරපතළ ආගාධයකට යැ එය අප ගමන් ගන්නා අවසනක් නොමැති බිම්ගෙයෙහි භයංකර බව අප වෙතට සම්මුඛ කරන්නා සේ ම, යුගයෙන් යුගය යටිගං බලා පිහිනන සමාජයක නිරුවත මවා පෙන්වයි.
සන්තාන අපට කඳුකරය යනු ගත සිත සනහන නිවාඩු මණ්ඩියක් නොව බරක්පතලක් ඇති මහා කියවා ගැනීමක් අවැසි සංසාරික ඉසව්වක්ය යන්න සිතන්නට හේත්‍රා විවර කරවයි. යුතෝපියානු නවකතාමය ලක්ෂණයෙන් හෙබි එය ලෝකය තනන්නට උත්සාහ දරන ආයිත්මාතොෆ්ගේ ගුරුගීතයෙහි චීන දුයිෂේන් පන්නයේ
ගුරුවරයෙක්ගේ සන්තානයට අරක්ගත් පොළෝ අරගලයේ මහිමය කියාපාන්නේ අප සන්තානයන් අවදි කරමිනි. ඉදින් මහා සහසකර බඳු එරොතික කිවිවර සූරිය සිහබාහුනි අන්ධ අඳුරින් නිදා සිටිනා නරා වළක සාමූහික විඥාන සන්තාන යැ අවදි කරලීම ඔබට මිස අන් කාට පවරම් ද?
ගිහාන් සචිත
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.