අලුගෝසුවෝ මග එති
මෙය සරල කතාවක් නොවේ. ජීවිතයේ දෛනික ගලායාම තුළ සැඟවී සිටින නිහතමානීත්වය, වේදනාව, අහිමිවීම්, ආදරය සහ මිනිසා තමන්වම සොයා යන ගමන එකම කතා රේඛාවක ගොඩනඟා ගත් කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
හරේන්ද්‍ර යසගේ කලින් ලියූ නවකතාවලට වඩා හාත්පසින්ම වෙනස් වූ මෙම කෘතිය, ඔහුගේ අනාගත කතු දිවිය ධනාත්මක හා වෙනස්ම වූ මානයකට හැරවෙන වැදගත් කඩඉමක් බව පැහැදිලිව පෙන්නුම් කරයි. අනාගත කලා ලෝකයේ විශාල ඉඩකඩක් ඔහුගේ නිර්මාණ සඳහා වෙන්වෙනු ඇති බවට වූ විශ්වාසය, මෙම කෘතිය හරහා හරේන්ද්‍ර යසස් විසින් සනාථ කර තිබේ.
ඔබ කියවන්නේ කතාවක් පමණක් නොව, ඔබේම ජීවිතයේ අමතකව ගිය පැතිකඩක් නැවත වරක් බැලීමට කරන නිහතමානී ආරාධනාවකි.
කියවීම අවසන් වූ පසුත්, මෙම කෘතිය ඔබ සමඟ නිහතමානීව දිගු ගමනක් යනු ඇති බවට මනා විශ්වාසයක් මා තුළ පවතින බව සඳහන් කළ යුතුමය.
රොහාන් මිරිහාගල්ල
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.