අනිත් අක්කා
"දැන් මාසෙකුත් ඉවර වෙලා මේ දෙන්නට ළමයට නමක් තියා ගන්න බැරුව රණ්ඩු වෙනවන්නේ අක්කේ."
වත්සලාද කියන්නීය.
"ඕන නම් තියයි. නැත්නම් නිකං ඉදියි. අපි අපේ පාඩුවේ ඉමු නේද නංගි.නමක් තියන්න බැරි වුණාට මොකද ඉතින් ළමයා ඉපදිච්ච වෙලාවේ ඉඳන් ගන්න ෆොටෝ තියන්න වෙනම ගෙයක් හදන්න වෙයි වගේ. අපේ කාලේ නම් ළමයට මාස තුනක් ගිහිල්ලා මුනින් අතට හැරෙනකල් ෆොටෝ එකක් ගන්නව තියා ගෙදරින් එළියටවත් ගත්තේ නෑ.
මම ද වත්සලාට කීවෙමි.
"අක්කේ අර ඉන්ටනෙට් එකටද මොකටද දාපු සල්ලි අපරාදේ නේද? ඒ සල්ලිවලට කපුටන්ට කන්න ආප්ප අරන් දුන්න නම් ළමයට අපල තියෙනවානම් ඒවා වුණත් ගෙවිලා යයි. ”
වත්සලා කිසිවෙකුට නෑසෙන්නට මට පමණක් ඇසෙන්නට රහසින් කියයි. අවසානයේ නම් තැබීමට තිබූ අවසන් දිනයේ අවසාන මොහොතේ සාධනා තම තනි කැමැත්තට පුතාට "ලකිසුරු" කියා නම් තැබුවාය.නමක් තැබීමේ ද්වන්ධ යුද්ධයෙන් අමිත් ඉවත් වූයේ මීට දින කීපයකට පෙරය. "කීයටවත් ආයෙත් මං ඔය වැඩේට සම්බන්ධ වෙන්නේ නෑ. ඕන නමක් තියා ගන්නවා.
කියමින් අමිත් කාමරයෙන් එළියට ගියේ අමනාපයෙන් බව මට පෙනුණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.