අනිත් අක්කා

Special Price රු. 630.00 Regular Price රු. 700.00
In stock
SKU
anith-akka-leela-jayasekara-menike-sarasavi-prakashakayo

"දැන් මාසෙකුත් ඉවර වෙලා මේ දෙන්නට ළමයට නමක් තියා ගන්න බැරුව රණ්ඩු වෙනවන්නේ අක්කේ."

වත්සලාද කියන්නීය.

"ඕන නම් තියයි. නැත්නම් නිකං ඉදියි. අපි අපේ පාඩුවේ ඉමු නේද නංගි.නමක් තියන්න බැරි වුණාට මොකද ඉතින් ළමයා ඉපදිච්ච වෙලාවේ ඉඳන් ගන්න ෆොටෝ තියන්න වෙනම ගෙයක් හදන්න වෙයි වගේ. අපේ කාලේ නම් ළමයට මාස තුනක් ගිහිල්ලා මුනින් අතට හැරෙනකල් ෆොටෝ එකක් ගන්නව තියා ගෙදරින් එළියටවත් ගත්තේ නෑ.

මම ද වත්සලාට කීවෙමි.

"අක්කේ අර ඉන්ටනෙට් එකටද මොකටද දාපු සල්ලි අපරාදේ නේද? ඒ සල්ලිවලට කපුටන්ට කන්න ආප්ප අරන් දුන්න නම් ළමයට අපල තියෙනවානම් ඒවා වුණත් ගෙවිලා යයි. ”

වත්සලා කිසිවෙකුට නෑසෙන්නට මට පමණක් ඇසෙන්නට රහසින් කියයි. අවසානයේ නම් තැබීමට තිබූ අවසන් දිනයේ අවසාන මොහොතේ සාධනා තම තනි කැමැත්තට පුතාට "ලකිසුරු" කියා නම් තැබුවාය.නමක් තැබීමේ ද්වන්ධ යුද්ධයෙන් අමිත් ඉවත් වූයේ මීට දින කීපයකට පෙරය. "කීයටවත් ආයෙත් මං ඔය වැඩේට සම්බන්ධ වෙන්නේ නෑ. ඕන නමක් තියා ගන්නවා.

කියමින් අමිත් කාමරයෙන් එළියට ගියේ අමනාපයෙන් බව මට පෙනුණි.

Author ලීලා ජයසේකර මැණිකේ - Leela Jayasekara Menike (1)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (907)
More Information
ISBN 9789553130426
පිටු ගණන 120
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අනිත් අක්කා
Back to Top