අපිදු යාත්‍රා කළෙමු
දශක දෙකක කාලයක් මොරටුව සරසවියේ දෙටු ඇදුරුවරියක ලෙස සේවය කළ ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද සමයේදී විදෙස්ගතව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සරසවි කිහිපයකම සේවය කළාය. වෘත්තිකයන් හෝ ශිෂ්‍යයන් ලෙස ඕස්ට්‍රේලියානු රජයේ අනුදැනුම ඇතුව එරට වාසය කරන ශ්‍රී මෙන්ම අනවසරයෙන් එරටට ඇතුල්ව කෙසේ හෝ නතර වන්නට උත්සාහ දරන අය ද ඇයට ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකදී මුණගැසීමට අවකාශ ලැබුණි.
'අපිදූ යාත්‍රා කළෙමු නවකතාව ගෙතී ඇත්තේ ලංකාවේ යුද්ධය අවසන්වූ පසුව බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට ඇතුල්ව කෙසේ හෝ එහි නතර වන්නට උත්සාහ දරන, සමහර අයට මුහුණ දෙන්නට සිදුවන බාධක, ඔවුන්ගේ අනෙන්න්‍ය සම්බන්ධතා සහ අවසානයේ ගැටලු විසඳෙන ආකාරය යනාදිය අරමුණු කරගෙනය. සතුටින් කියවන්නට හැකිවන අන්දමට ඉතා රසවත් ලෙසට ඉදිරිපත් කර ඇති මෙම කෘතිය ආදර්ශමත්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.