Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අප්‍රකාශිත ප්‍රේමය

අප්‍රකාශිත ප්‍රේමය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ළමයෝ... අප්‍රකාශිත ප්‍රේමය කතාව ඔය කියනව වගේ ගාමිනී, මාලනී, ජෝ, සතිස්, දෙනවක දාල චිත්‍රපටියක් කළොත් චණ්ඩියා' වගේ ලස්සන කතාවත් වෙයි. නමුත් මේකයි. මේ 70 දශකයේ ඕක වැටෙන්නේ වැඩිහිටියන්ට පමණයි' ගොඩට යි. ඒ හින්දා පසු කාලයක නම් කරන්න පුළුවන් වෙයි.''

මහා සිනමාවේදී  ලෙස්ටර් ජේම්ස් පීරිස් සුරින් 70 දශකයේ මුල් භාගයේදී

"අප්‍රකාශිත ප්‍රේමය” මම දකින්නේ නව කතාවකට වඩා සිනමා නිර්මාණයකට ඉතා සුදුසු බවයි. හේතුව අද ලංකාවෙ ප්‍රේක්ෂකයින් අපේක්‍ෂා කරන සියළුම අංගයන් මෙහි තියෙනවා. නැටුම්, ගැයුම්, වැයුම්, ගැටුම් වගේම රාත්‍රී සමාජශාලා දසුන්, මැදින් කියැවෙන තේමාව හරවත් වගේම අවසානය තෙක් කුතුහලය රඳවාගෙන තිබීමත් වැදගත්. නමුත් මෙය සාර්ථක සිනමා නිර්මාණයක් වෙන්න නම් හරියාකාරව පෙළගස්වන්න හැකි අති දක්ෂ අධ්‍යක්‍ෂක වරයෙක් අතට මෙය පත්විය යුතුයි කියන එකයි මගේ හැඟීම.

මහාචාර්ය චන්ද්‍රීසි පල්ලියගුරු සූරින් කැළණිය විශ්වවිද්‍යාලය

ආයාසයකින් තොරව කියවාගෙන ගිය හැකි සුපාඨනීය නවකතා විරළව බිහිවන අවධියක, උදේනි ගලහිටියාවගේ "අප්‍රකාශිත ප්‍රේමය'' කියවන්නට ලැබීම ප්‍රියජනක අත්දැකීමක් වූ අතර, එක් අතකින් ඊට හේතුවූයේ එහි වූ සංවාද ස්වරූපය යැයි සිතමි. දීර්ඝ කාලයක් මුළුල්ලේ ගුවන් විදුලි නාට්‍ය රචනා කිරීමෙන් කතුවරයා ලැබූ පරිචය මෙන් ම, ඔහුගේ සමාජ ඥානය ද නවකතාවකට ගොනු වී ඇත්තේ සමාජයේ අඳුරු අහුමුළුවලට ආලෝකපුංජද එල්ල කරමිනි. රූපරචනයක් ලෙස රූපාන්තරණය වීමේ සියළු ශක්‍යතා ද මේ නවකතාව තුළ ගොනුව ඇති බව මගේ පෞද්ගලික විශ්වාසය යි.

සම්මානලාභී ප්‍රවීණ ලේඛිකා කලාශූරී කැත්ලින් ජයවර්ධන

ISBN
9789557010861
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අප්‍රකාශිත ප්‍රේමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.