ආතර්ගේ වීර චාරිකා

Special Price රු. 337.50 Regular Price රු. 375.00
In stock
SKU
arthurge-weera-charika-tharuka-gamage-malithi-publications

එම නිවස ඉතා හුරුබුහුටි හා උණුසුම් වුණා. ගිනිමැලයෙන් නැගෙන උණුසුමෙන් නිවස පුරා සැපදායක පරිසරයක් පැතිරී තිබුණා. ඕක් ලීයෙන් නිම වූ කුඩා කෑම මේසයට ආරාධනා ලැබූ ආතර් බඩ කට පුරා අපූරු රසවත් කෑම වේලක් රස වින්දා. කුස පිරෙන්නට ආහාර ගත් ආතර්ගේ දෑස් නිදිබර වී ඇති බව දුටු නිවැසියන් ඔහුට සුව පහසු කුඩා කාමරයක නිදා ගැනීමට සලසා දුන්නා. සතුටින් නින්දට ගිය ආතර් වෙත නින්ද ළඟාවීමට වැඩි කාලයක් ගත වූයේ නෑ.

සුව නින්දක් ලැබූ තරුණයා පසුදා උදේ අවදි වූයේ ප්‍රබෝධමත් සිතින්. නිල්වන් අහස පැහැදිලි වූ අතර හිරුගේ උණුසුම් හිරු කිරණ නගරයට ළඟා වෙමින් පැවතුණා. විවිධාකාරයේ මල්වල සුවඳින්, නිවෙස්වල මුළුතැන්ගෙවල්වලින් නික්මෙන ප්‍රණීත ආහාර සුවඳින් අවට පරිසරය සුවඳවත් වී තිබුණා. තමා පැමිණි කාර්යය සිහිපත් කළ ආතර් නගරයේ මඳක් ඇවිද බලන්නට තීරණය කළා.

Author තාරුකා ගමගේ - Tharuka Gamage (1)
Publisher Malithi Publishing (3), මලිති ප්‍රකාශන - Malithi Publisher (9)
More Information
ISBN 9786246089184
පිටු ගණන 60
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ආතර්ගේ වීර චාරිකා
Back to Top