ආතර්ගේ වීර චාරිකා
එම නිවස ඉතා හුරුබුහුටි හා උණුසුම් වුණා. ගිනිමැලයෙන් නැගෙන උණුසුමෙන් නිවස පුරා සැපදායක පරිසරයක් පැතිරී තිබුණා. ඕක් ලීයෙන් නිම වූ කුඩා කෑම මේසයට ආරාධනා ලැබූ ආතර් බඩ කට පුරා අපූරු රසවත් කෑම වේලක් රස වින්දා. කුස පිරෙන්නට ආහාර ගත් ආතර්ගේ දෑස් නිදිබර වී ඇති බව දුටු නිවැසියන් ඔහුට සුව පහසු කුඩා කාමරයක නිදා ගැනීමට සලසා දුන්නා. සතුටින් නින්දට ගිය ආතර් වෙත නින්ද ළඟාවීමට වැඩි කාලයක් ගත වූයේ නෑ.
සුව නින්දක් ලැබූ තරුණයා පසුදා උදේ අවදි වූයේ ප්‍රබෝධමත් සිතින්. නිල්වන් අහස පැහැදිලි වූ අතර හිරුගේ උණුසුම් හිරු කිරණ නගරයට ළඟා වෙමින් පැවතුණා. විවිධාකාරයේ මල්වල සුවඳින්, නිවෙස්වල මුළුතැන්ගෙවල්වලින් නික්මෙන ප්‍රණීත ආහාර සුවඳින් අවට පරිසරය සුවඳවත් වී තිබුණා. තමා පැමිණි කාර්යය සිහිපත් කළ ආතර් නගරයේ මඳක් ඇවිද බලන්නට තීරණය කළා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.