About this book
"මහත්තයා මේ තරම් මට ආදරෙයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒත් මේක වැරදියි. මහත්තයාගෙ ජෙසී නෝනාට මම මේ කරන්නේ වැරැද්දක්. ඒ නිසා මහත්තයාගේ ආදරේ පිළිගන්න තරම් මම වාසනාවන්තියක් නෙවෙයි මහත්තයා.”
ඇය නැවතත් ඉකිබිඳියි. ඇය කියන්නේ සත්‍යයක් වුවත් මසිත එය පිළිගන්නට සූදානම් නැත.
"එහෙම වැරදි කරන මිනිස්සු මේ රටේ කොයිතරම් ඉන්නවා ද මේධා? ජීවිතේ තනි වුණ තරුණ ගැහැනියක් ළඟට එන හැම පිරිමියෙක්ම සල්ලාලයෙක් නෙවෙයි. පිරිමියෙක් නිසාම ජීවිතේ තනි වුණ තරුණ ගැහැනියකට තවත් පිරිමියෙක් අවංකවම ආදරේ කරන එක වැරැද්දක් ද?”
"හැමෝම කරන වැරදි අපිත් කරන්න ඕනද මහත්තයා?”
Details
ISBN
9789557012643
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review