Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසිරිමත් ගම්මැණ්ඩිය

අසිරිමත් ගම්මැණ්ඩිය

About this book

ඒ. එම්. කරුණාරත්න අද අප රටේ සිටින ප්‍රමුඛ පෙළේ ලේඛකයෙකි. විද්වතෙකි. අදීන විචාරකයෙකි. රජයේ ඉහළ තනතුරු හෙබවූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. 

අතිශය කාර්යබහුල පරිපාලන ජීවිතයක් ගතකළ ද ඒ. එම්. කරුණාරත්න සාහිත්‍යය, ඉතිහාසය හා පුරාවිද්‍යාව සිය ආත්මය කරගත් පුද්ගලයකු විය. සිය රාජකාරී දිවියේ දී ද සමාව සහ පෞද්ගලික ජීවිතයේදී ද, ඔහුට හමු වූ පුද්ගල චරිත ඔහු විසින් ගැඹුරු විශ්ලේෂණයකට භාජනය කර ඇති බව ඒ ඇතැම් චරිත පාදක කරගෙන ඔහු නිර්මාණය කර ඇති නවකතාවලින් පැහැදිලි වේ. ඔහු රචනා කර ඇති නවකතා සංඛ්‍යාව දහ අටකි. කළු ආරච්චිලාගේ කතාව මේවා අතරින් විශිෂ්ට නිර්මාණයක් වන අතර එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත. ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳව ඔහුගේ කියවීම විමර්ශනශීලී හා පර්යේෂණාත්මක වේ. ඔහු විසින් ලියා පළකර ඇති ඉතිහාස ග්‍රන්ථ තුනේ ඒ ඒ ප්‍රස්තුත කරුණු පිළිබඳව මෙතෙක් පැවති සම්මතයන්වලට අලුත් අර්ථ නිරූපණ සපයනු ලැබ ඇත. 

ඔහු ආ දිගු ගමනේ ඔහු විසින් පුවත්පත් හා ශාස්ත්‍රීය සඟරාවලට පර්යේෂණාත්මක ලිපි විශාල සංඛ්‍යාවක් සපයා ඇති අතර බුද්ධිමය සංවාදයන්ට බොහෝ ලෙස දායක වී ඇත. අසිරිමත් ගම්මැණ්ඩිය ඔහුගේ නිර්මාණාත්මක හා පර්යේෂණාත්මක ලේඛන දිවියේ අග්‍රඵලය ලෙස සැළකිය හැකි ය. බොහෝ පොතපත පරිශීලනය කළ ද ඔහු සිය අධ්‍යයන කේන්‍ද්‍රය ලෙස තෝරාගෙන ඇත්තේ ඔහුඉපිද හැදී වැඩුණු කුරුඳු කුඹුර ගම්මානයයි. 

මෙය කියවන අපට සිහියට නැඟෙන්නේ සොබාදහමට අනුකූලව ජිවත් වූ සරල මිනිසුන් සමූහයක කථා පුවතකි. වාණිජ වෙළෙඳ රටාව විසින් අද ඒ පරිසරය විනාශ කර ඇති නමුදු කරුණාරත්නයන්ගේ මනස තුළ එම ස්වයංපෝෂිත නිස්කලංක ජීවන රටාව නොනැසී පැවතුණු බව පෙනේ. එම මතකයන් මත පිහිටමින් ඔහු එය කඩදාසි පිටු මත ඉතා මැනවින් ප්‍රතිනිර්මාණය කර ඇත. 

ලංකාවේ සමාජ විද්‍යාව හදාරන්නන්ට මේ පොත නම පර්යේෂණවලට මෙන් ම නිර්මාණවලට ද මහත් සේ උපකාරී වනු ඇති බව අපගේ කල්පනාවයි. එසේම මෙම නවකතා කරුවා සහ ඉතිහාසඥයා මානව විද්‍යාව වෙතට පියමං කිරීම අපගේ සතුටට හේතුවකි. 

 

විශේෂඥ වෛද්‍ය රෝහණ දයාරත්න 

සභාපති ශ්‍රී ලංකා මානව විද්‍යා සංගමය

ISBN
9789556864045
පිටු ගණන (Pages)
471
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසිරිමත් ගම්මැණ්ඩිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.