Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අතථි

අතථි

ප්‍රකාශක (Publisher): සහස ප්‍රකාශන - Sahasa Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වර්ෂාව තුරල් වී තිබිණ. නැවත පරිසරය වැහි අඳුරෙන් මිදී ආලෝකමත් විය. අසනි චානකගේ පපුතුරෙහි හිස හොවා සිටියාය. ඔහු සියුම්ව ඇගේ හිස පිරිමදිමින් හිඳියේය. තවත් ජීවීන් දෙදෙනෙකුගේ බැඳීම තහවුරු කළ සදාතන සොබාදම් මව තම වැසි සළු උනා, ආලෝකමත් සළු හැඳ ගත්තාය. වැසි දියට වහන්වී හිඳි සියොත් කැළ නැවත තම ආවේණික හඬින් පරිසරය අවදි කරමින් සිටියෝය. ළදළු තුරුපත් සුළඟට සෙලවුණේ ඒවා යටට තවත් වැස්සක් ඇද හලමින් ය. වහල්ලේ වීදුරු කැබැල්ල අතරින් පෙරි ආ අවුරැල්ලක් අසනිගේ කම්මුල මත වැටී තිබිණ. අකිකරු සුළගේ ගසා ගෙන විත් ජනේලයේ සුළං කවුළුව අතරින් පීනූ තෙත පින්න තැවරුණ ඇහැළ මල් පෙත්තක් අසනි ගේ හිස මත නතර විය.
             "දරුවා නරක දෙයක් කරන්නේ නැ. ඒක එයා කැමති රස්සාව, ඒකට අකුල් හෙලන්න මම කැමති නෑ. ඔයා එකක් කතා කරලා බේරුමක් කරගන්න බැරි නිසා තමයි දරුවා මගෙන් ඒ දේ බලාපොරොත්තු වුණේ. අනෙක හැමෝම එහෙම හිතුවනම් අපිට රටක් ඉතිරි වෙන් නැ. මනුස්සයෙක් වුණාම රටට-ජාතියට ආගමට මොනම හෝ සේවයක් සිද්ධ කරන්න ඕන. හාමිනේ මෝඩ ගෑනියෙක් වගේ කෑ කොස්සන් නොගහ දරුවාට ආශිර්වාද කරන්න. ”

ISBN
97862492036
පිටු ගණන (Pages)
249
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අතථි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.