"තෙවීන්, ඇයි ඔයා මට චුට්ටක්වත් නපුරු නැත්තෙ?"
මට එහෙම අහන්නම හිතුණා. අපි හම්බ උන දවස්වල ඉඳලම තෙවීන් මට පුදුම තරම් ආදරණීය සෙනෙහෙවන්තයෙක් උනා. එයා ගෑනු ළමයෙකුට පුදුම තරම් ගෞරවයක් දෙන්න දන්න හැදිච්ච පිරිමි ළමයෙක් උනත් ග්‍රන්ඩ් එකේදි පුදුම තරම් ඇග්‍රසිව් කැරැක්ටර් එකක්.
"ආදරේ කියන්නෙ සැනසීමෙ විඳින්න තියන දෙයක් ඖරා.. නීති දාලා රණ්ඩු කරලා තග දාලා කරන ආදරේ සැනසීම සෑහෙන්න අඩුයි.. මම, එතකොට ඔයා හැදුණෙ ආදරෙන් සැනසෙන අම්මා අප්පච්චි කෙනෙක් ළඟ.. ඉතින් අපි දැකලා තියෙන්නෙ එයාලා හරි ආදරෙන් සැනසීමෙන් ජීවත් වෙන විදිය.. ඉතින් හිතන්නකො මම හැමවෙලාවෙම ඔයාට කෑ ගහන බනින කෙනෙක් උනා නම් සමහරවිට ආදරේ නිසා ඔයා ඒ දේවල් දරාගෙන ඉඳිවි.. ඒත් හිත අස්සෙන් හැමවෙලාවෙම දුකින් ඉඳිව් අම්මා අප්පච්චි ළඟ තිබුණ සැනසීම නැති එක ගැන හිතලා.. ඒ විදිහමයි මටත්...”
තෙවීන් පාඩමක් වගේ පැහැදිලි කරලා දෙද්දි ඇත්තටම එයා කියපු වචනයක් ගාණෙම හැමදේම ඇත්ත බව මට තේරුණා. ගොඩාක් අය ආදරේ කියලා විඳවීම් ජීවිතේට ළං කරගෙන තියන සැනසීමත් නැති කරගනිද්දි මට හිතුණෙම අපි නතර වෙලා තියෙන්නෙ හරිම තැනක කියලා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.