අවිච්ඡින්න
“සතුටුද මගේ මැණිකෙට...?”
“සතුටු නැති වෙන්න හේතුවක් නෑනේ දුලගේ අප්පච්චි. හැම ගෑනියෙක්ගෙම පපු කැනැත්තේ තියෙන්නේ මෙන්න මේ වගේ ගුලි ගැහිච්ච අහිංසක අසාවල්...”
දුකට සතුටට කොයි වෙලෙත් කඳුළු පිනුම් සූදානමෙනි. උණුසුම් බරැති කඳුළු මෙවෙලේත් පබාගේ ඇස් අස්සේ තරගයකය. එය මද්දුන්ගේ ඇස්වලින් වහං කරන්නට නම් පබා අසමත්ය. හැමදාමත් පබා තනියම හීල්ලුවේ අද වගේ දවසක් විඳින්නය. එය හැබෑවක් වන්නට ටිකක් කල් ගත වුණත් ඊට විස්සෝප වී ඵලක් නැත.
“ගොඩනැඟිල්ලක් ගෙයක් වෙන්න ගෑනියෙක් ඕන වගේම තමයි පබා මිනිහෙක්ගේ ජීවිතේ පිළිවෙළ වෙන්නත් ගෑනියෙක් ඕනමයි. හරි ඉක්මනට පායලා ඇඟිල්ල දික්කරන කොට මැකිලා යන දේදුනු පාට ගෑනුන්ට වඩා... මිනිහෙකුට ඕන ඉරක් වගේ ගෑනියෙක්... හරියට මට ඔයා ලැබුණා වගේ...”
පබාට එතනින් එහාට සම්මාන ඇවැසි නැත. හොඳටෝම ඇතිය. ටකරන්වලින් වැසූ පළ දෙකේ පුංචි නිවස පබාට නම් මාලිගාවකට වඩා වටින්නේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.