අවිනශ්වර ප්‍රේමයක්
මෙම කෘතියේ කතුවරයා වන ආචාර්ය ජයන්ත ගලගම සිය පාසැල් අධ්‍යාපනය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලයෙන් ලබා ගත්තේය. රජයේ ශිෂ්‍යත්වයක් ලබා මූලික උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය සෝවියට් දේශයේ යුක්රේන ජනරජයේ ඩොනේටේක්හි ඩොනේටේස්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් ඔහු ඉන් අනතුරුව සිය ආචාර්ය උපාධිය මොස්කව්හි රුසියානු ඇකඩේමි විද්‍යායතනයේ භූගෝල විද්‍යා ආයතනයෙන් ලබා ගත්තේය. අධ්‍යාපන කටයුතුවලින් පසුව ශ්‍රී ලංකාවට පැමිණ සමාජ ආර්ථික පර්යේෂයකු ලෙස රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හා සම්බන්ධව කටයුතු කළේය. පසුව නාගරික සංවර්ධන අධිකාරියේ පර්යේෂණ නිලධාරියකු හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ ජයන්ත ගලගම නාගරික සංවර්ධන අධිකාරයේ නිෂ්පාදනයක් වූ “පිටකොටුවේ පැය විසිහතරක්” වාර්තා චිත්‍රපටයේ නිර රචනයද, එම ආයතනයෙන් පළ කළ UDA JOURNAL තුහ් මාසික සඟරාවේ සම කර්තෘ ලෙසද කටයුතු කළේය. පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ ඔහු එහි මේරිලන්ඩ් ප්‍රාන්තයේ ජීවත් වෙයි. ඔහු දෙදහස් විසිතුන වසරේදී "ක්‍රෙම්ලින ඇසළ සඳ” නවකථාව ද ̈බිරියෝසා මනමාලි සහ වෙනත් කතා” නම් කෙටිකතා සංග්‍රහය ද එළිදක්වා ඇත. අවිනශ්වර ප්‍රේමයක්” ඔහුගේ දෙවන නවකතාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.