බාබා X
බාබා එක්ස් මගේ 10 වෙනි පොත.
මේ පොත මම ලියුවේ විශේෂ හේතූන් කිහිපයක් නිසා. ප්රධානම දේ තමයි අද මේ වන විටත් ලංකාව පුරා පැතිර යන "ආගමික මිථ්යාව". ලංකාවේ දේශපාලනය ගැන හැමෝම කතා කරනවා, රටේ අර්ථිකය ගැන හැමෝම කතා කරනවා. එහෙත් ආගම කියන මාතෘකාවට එද්දී ඔහුන්ගේ කටවල් ඉබේම අගුලු වැටෙනවා. ඇයි ? “බය” ආගමත් සමග ඇතිවෙන බය, පූජකයින් ඔහුන්ගේ මිථ්යාවාදී අදහස් තුලින් ඔබගේ මනසට ඔබ්බවා ඇති “බය”, ඔබ කතා කලොත් දෙවියන් ඔබට දඩුවම් දෙයි, දෙවියන් ඔබට ශාප කරයි, ඔබව විනාශ කරයි කියන “බය”. ඒ බය නිසාම දේශපාලනය හෝ ආර්ථිකය ගැන විවෘතව කතා කරන මිනිසුන් සමාජය විනාශ කරමින් මිනිසුන්ව වළපල්ලට ඇදලා දාන "ආගමික මිථ්යාව" ගැන කතා කරන්න බය වෙනවා. “මිථ්යාව” මිථ්යාවක් ලෙස දැක දැකත් සාදු කාර දිදී ඒ දිහා බලාගෙන ඉන්නවා, කතා කරන්න පස්ස ගහනවා. සමහර වැඩිහිටියන් “මිථ්යාව” තම දරුවන්ටත් උගන්වනවා, ඔහුන්වත් තමන් වැටී සිටින වළටම ඇද දමනවා. ඔහුන්ගේ නූගත් කමින් උපන් මිථ්යාවේ බීජ දරුවන්ගේ මනස් තුලත් ආරෝපනය කරමින් රටේ අනාගතයත් විනාශ කොට දමනවා. මම බාබා එක්ස් ලිව්වේ මිථ්යාවෙන් සහා එම අඥාන ගෞරවයෙන් අන්ධ වී, මිථ්යාවේ වැරැද්දත්, හානියත් පෙනි පෙනී ඒ දෙස බලාගෙන සාදුකාර දෙන, යථාර්තය පිලිගැනීමට මැලිවෙන, ආගමික "බිය" නිසා තම නිදහස් චින්තනය යට කරගෙන, එයටම සිරවී දුක් විදින මිනිසුන් වෙනුවෙන්. බාබා එක්ස් කියවන කිසිවෙකු හෝ වේවා මිථ්යාව අවබෝධ කරගන්නවනම්, එයට විරුද්ධව වචනයක් හෝ කතා කරනවනම්, අඩුම තරමින් තමන්ගේ දරුවන්ව හෝ එම මිථ්යාවෙන් ඈත් කරනවනම් මා උපන් රට වෙනුවෙන් එය මා ලබන සැබෑම ජයග්රහනයක් වනු ඇති.
මෙය සිංහල සාහීත්ය තුල මෙතෙක් ලියවුනු වෙනස්ම කතාවක් වනු ඇති!
බාබා එක්ස් "මිථ්යාව ආගමක් වූ කල"
මුතුමුදලිගේ නිශ්ශංක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.