බාලේ පෙම්බර
හේම විදානනපතිරණ සූරීන්ගේ “බාලේ පෙම්බර” අතීතාවලෝකනය සොඳුරුය. මිහිරි මකරන්දයෙන් අනූනය. හෙතෙම සිය පැටි වියේ ළබැඳි මතකයන් මුදු සුමුදු ලෙසත්, මනහරවත් අපට ගෙනහැර පාන්නේ ඔවුන්ගේම හද බසින් වීම වෙසෙසිය. ඈත මොරවක්කෝරළේ රමණීය ගමක නිර්මාණයක් වන ඔහු, අද රළු පරළු කර්කශ නගරයක, බැංකුවක නිලයක් දරයි. ඒ එසේ වුව, ඔහු තුල නිදන්ව ඉන්නා අව්‍යාජ ගැමි දරුවා තවමත් එසේම ජීවත්ව සිටීම ආනන්දයකි.
ගමෙන් නගරයට එන බොහෝ සංක්‍රමණිකයෝ ආටෝප සාටෝපයෙහිම ගිලී, කා බී, සැපෙහිම ඇලී ගැලී, රටටත් ඔවුන්ටත් නැතිව මිය පරලොව යති. හේම විදානනපතිරණයෝ අකුරු වෙනුවට ඉලක්කම් ද, පෑන වෙනුවට පරිගණකය ද හුරු වෘතියක නියැලුනේ ද, හෙතෙම සුහුරු ලෙස ශ්‍රී ලාංකීය සාහිත කෙත වපුරනු වස් ස්වීය අත්දැකීම් මෙතරම් කෝමළ ලෙස යොදා ගැනීම අපූර්වය. සෙමෙන් සෙමෙන් වෙනස්ව යන අපේ කම, අව්‍යාජ ගැමි බව මෙහි පරිස්මෙන් හුවා ඇති මිණි කැට ලෙස දකිමි. එක හුස්මට කියවා හමාර කල හැකි මේ සොඳුරු ගද්‍ය කාව්‍ය ශ්‍රී ලාංකීය සාහිත කෙත පෝෂණය කරන තවත් සුසාරවත් බීජවටක් වනු නොඅනුමානය.
ගාමිණී කුමාර විතාන
ජනාධිපති සම්මාන ලාභී ලේඛක සහ දේශක
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.