Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / බඹර තුඩු

බඹර තුඩු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පංතිය අවසන් විය. ඉතා නීරස පංතියකි. මා සිංහල විෂයට එතරම් කැමති නැත. ඩයමන්ඩ් එක අසලින් පාරට පැමිණියේ සෙමෙනි. මාරුත පෙනෙන්නට වූයේ නැත. ඔහු අපට කලියෙන් පංතියෙන් පිටව යනු ලැබුවේ මිතුරන් රොත්ත ද සමගිනි.

“කාගේ හරි චිල් වැඩක් වෙන්න ඇති සමාධි.”

“මං හිතන්නේ නෑ. ඕක දුන්නේ මාරුතමයි.”

“එයාට කවුරුහරි දීලා, චිට් එක උඹට පාස් කරන්න කිව්වද දන්නෑනේ.”

“උඹ හැමවෙලාවෙම තේ කෝප්පෙත් කිඹුල්ලු හොයනවා. කොහොමත් ස්ටෑන්ඩ් එකට යනවනේ. ලයිබ්‍රි පාරෙන් යමු.”

මා කිසිවක් පවසන්නට නොගියෙමි. සමාධිගේ පසුපසින් පියවර තැබුවේ නිහඬවමය. සිත ‘ගිඩි ගිඩි’ ගා ගැහෙයි. මෙවන් හැඟීමක් මීට පෙර මා විඳ නැත. ඇත්තේ චකිතයත්, බියත්, ආශාවත්, කැලඹීමත් මුසු හැඟීම් සමුදායකි. හොරණ පාරේ විත් තැපැල් කන්තෝරුව අසලින් පහලට හැරෙද්දී, හදවත වේගයෙන් ගැහුණේය.

ISBN
9786246808259
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බඹර තුඩු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.