උපුල් නිශාන්ත වීරසිංහ මහතා කළුතර දකුණේ කොහොලාන සේරුපිට ප්‍රදේශයේ පදිංචි පොලිස් දෙපාර්තමේන්තුවේ වසර තිස්හයක පමණ කාලයක් සේවාව කොට දැනට විශ්‍රාම සුවයෙන් පසුවන නිර්මාණකරුවෙකි. ඔහු නාට්‍ය පිටපත් රචකයෙකි. එසේම රංගකාර්‍යය යේද යෙදෙන්නෙකි. නාට්‍ය සහ චිත්‍රපට කීපයක කලා අධ්‍යක්‍ෂකවරයකු ලෙස ද කටයුතු කර ඇති අයෙකි. කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන මොහු තම කුළුඳුල් නවකතාව "බඹරගල" නමින් පාඨක දෝතට තිළිණ කර ඇත.
නවකතාව අද වන විට ඒකල හෝ හුදකලා සංසිද්ධි වටා ගෙතෙන ප්‍රාදේශික වටපිටාවකට ගොනු වු කතා කලාවෙන් ඔබ්බට යමින් තිබේ. එය ගෝලීයකරණය වූ සමාජ පසුබිමක් ආවරණය වන ලෙස ගෙතෙමින් ඇත. ලෝකයේ කිසිදු සිද්ධියක්, සිද්ධි දාමයක් හුදකලාව නොපවතින අතර එය ලෝක දේශපාලන සංස්කෘතික සංසිද්ධීන් සමග ගැටගැසුණු බව ප්‍රකට කරන්නට මේ වන විට නවකතාකරුවන් වැඩි නැඹුරුතාවක් ගොඩනගාගෙන ඇත.
උපුල් නිශාන්ත වීරසිංහගේ කුළුඳුල් නවකතාව වූ "බඹරගල" නවකතාවට පාදක වී ඇත්තේ සංසාරගත වෛරය ග්‍රාමීය සංස්කෘතික ජීවන රටාවේ හැලහැප්පීම් ආදියයි. සාරධර්ම ගුණධර්ම සාම්ප්‍රදායික විශ්වාස හැඟීම් ආගමික නැඹුරුතාව මොහු තම නවකතාවේ උත්කර්ෂයට නංවා ඇති බව පෙනේ. මොහුගේ පළමු නිර්මාණය ලෙස මෙහි භාෂාව හැසිරවීම ප්‍රශස්ත මට්ටමක පැවතීම සතුටට කරුණකි. ස්වභාවික පරිසරය සිද්ධිවලට අදාළ පාරිසරික වර්ණනා භාවිතයේ දී මොහුගේ අනාගත ලේඛන ජීවිතය ගැන අපට බලාපොරොත්තු දල්වාගත හැකි ය.
කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ සභාපති
රාජ්‍ය සම්මානලාභී ලේඛක
පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.