භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත” නම් රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ දෙනා මුන් වහන්සේ ගේ චරිත කථාව දන්නවා තබා මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අප සැමට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි.
එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත් සහිත සැපවත් දිවියක් ගත කිරීම ආදි කරුණු බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්‍වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල්හි ධර්මය අවබෝධ කළ හැකි බවයි.”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.