Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භව මෙහෙවර

භව මෙහෙවර

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අනුරුද්ධ කපිලවංශයන් විසින් රචනා කරන ලද "භව මෙහෙවර" නම් වූ නවකතාව ප්‍රේම කතා සම්ප්‍රදායෙන් බැහැර වූ කාලවකවානු ද්විත්වයක් තුළ දිවෙන අතිශයින් සුන්දර වූ නිර්මාණයකි.

මෙහි කතා නායකයා මධ්‍යම පාන්තික පවුලක දොළොස්වැනි වියේ පසුවන පිරිමි දරුවෙකි. ඔහුගේ මනසෙහි හදිසියේ ඇතිවන විපර්යාසයකින් ආරම්භ වී මනබඳින සිද්ධීන් සමූහයක් මනා සංයමයකින් යුතුව පෙළගස්වා ඇති මෙම කතාව බාල, මහලු සැමදෙනාටම එකසේ රස විඳිය හැකිය.

ප්‍රධාන වශයෙන් වර්තමානය හා සබැඳි මෙම නිර්මාණයේදී කිසිදු අපහසුතාවකින් තොරව පාඨකයා අතීතයට ගෙනයෑමට භාවිත කර ඇති ක්‍රමෝපායන් නවකතාකරණයේ කතුවරයා සතු පරිචය මොනවට පිළිබිඹු කරයි. මෙහි බස්වහර සරලය, සුගමය, ප්‍රියමනාප රචනා ශෛලියකි.

නවුම් රසාස්වාදයක් පාඨකයාට ලැබෙන පරිදි නව රටාවක් ඔස්සේ මෙවැනිම වූ තවත් නිර්මාණ කතුවරයා අතින් ඉදිරියේදී බිහි වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

මහාචාර්ය එස්.ජේ.බී.ඒ.ජයසේකර
උපකුලපති,
හොරයිෂන් විශ්වවිද්‍යාලය,
මාලඹේ.

ISBN
9786245713325
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භව මෙහෙවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.