Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භවචක්‍ර

භවචක්‍ර

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
About this book

ඔවුහු ශතවර්ෂ ගණනාවකට මත්තෙන් තම තමන් දායාද කොටගත් ගතිසිරිත්, නැඹුරුතාවන් සංසාරගතව රැගෙන ගියහ. කිකලෙකත් භවයෙන් පිළිසන් නොවූ ආලෝකයත්, අන්ධකාරයත් රියසක පරිද්දෙන් ඔවුන් පසුපස හඹා ආවේ එබැවින්ම විය යුතූය.

දේවලෝචන, වචනයේ පරිසමාප්තයෙන්ම ලෝවැසි හිතසුව පිණිස, පරාර්ථසාධනයෙහි කැපවූවෙකි. අතීතයත් වර්තමානයත් එකිනෙකට සහසම්බන්ධ කරමින්, හේ ආලෝකයෙන් අන්ධකාරය බිඳ හෙළනු වස් වෙහෙස වූවේය,දහදිය කඳුළු වගුළේය. එහෙත් ජයපාල, ආත්මාර්ථය පමණක්ම සිය පරමාර්ථය කොටගත්තේ, නිහඬ නිසසල සාමකාමී ගම්පියස සහමුලින්ම කණපිට පෙරළූ අකුණු සරයක් බවට පත්විය. පිය-පුතූ අරගලය පැනනැඟූණේද එවිටය.

පියා, පුත්‍රයාට යටත් විය යුතුද?

පුත්‍රයා, පියාගේ අභිමතාර්ථය ඉදිරිපිට අඩදැණිව ඉවසිය යුතුද? මේ අන්ධකාරයට නතු වූ පියෙකුගේද, තම පියා අන්ධකාරයෙන් මුදා ආලෝකය කරා රැගෙන ඒමේ අරගලයක සංසාරගතව යෙදුණු පුත්‍රයෙකුගේද අනුවේදනීය කතාවයි!

Details
ISBN
9786246570330
පිටු ගණන (Pages)
318
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: භවචක්‍ර

Reviews are published once a member of our team has read them.