භවචක්‍ර
ඔවුහු ශතවර්ෂ ගණනාවකට මත්තෙන් තම තමන් දායාද කොටගත් ගතිසිරිත්, නැඹුරුතාවන් සංසාරගතව රැගෙන ගියහ. කිකලෙකත් භවයෙන් පිළිසන් නොවූ ආලෝකයත්, අන්ධකාරයත් රියසක පරිද්දෙන් ඔවුන් පසුපස හඹා ආවේ එබැවින්ම විය යුතූය.
දේවලෝචන, වචනයේ පරිසමාප්තයෙන්ම ලෝවැසි හිතසුව පිණිස, පරාර්ථසාධනයෙහි කැපවූවෙකි. අතීතයත් වර්තමානයත් එකිනෙකට සහසම්බන්ධ කරමින්, හේ ආලෝකයෙන් අන්ධකාරය බිඳ හෙළනු වස් වෙහෙස වූවේය,දහදිය කඳුළු වගුළේය. එහෙත් ජයපාල, ආත්මාර්ථය පමණක්ම සිය පරමාර්ථය කොටගත්තේ, නිහඬ නිසසල සාමකාමී ගම්පියස සහමුලින්ම කණපිට පෙරළූ අකුණු සරයක් බවට පත්විය. පිය-පුතූ අරගලය පැනනැඟූණේද එවිටය.
පියා, පුත්‍රයාට යටත් විය යුතුද?
පුත්‍රයා, පියාගේ අභිමතාර්ථය ඉදිරිපිට අඩදැණිව ඉවසිය යුතුද? මේ අන්ධකාරයට නතු වූ පියෙකුගේද, තම පියා අන්ධකාරයෙන් මුදා ආලෝකය කරා රැගෙන ඒමේ අරගලයක සංසාරගතව යෙදුණු පුත්‍රයෙකුගේද අනුවේදනීය කතාවයි!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.