භවය පුරා සරණ තුරා

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
In stock
SKU
bhawaya-pura-sarana-thura-monika-pushpa-kumari-warna-graphic

"මං තව ටිකකින් මේ පූස් කයට ඇතුළු වුණාට පස්සෙ ගෝවින්ද්‍රන් ජනේලෙ ඇරල මාව එළියට දාන්න ඕන.. වැදගත්ම දේ මං මගෙ වැඩේ ඉවර කරල එනතුරා ගෝවින්ද්‍රන් මගෙ ශරීරය බලාගන්න ඕන.."

ධාරා තමන්ගේ යටත් සේවකයාට කීවේය.

"ඒත් මැඩම් මට පුළුවන් ඇහැට පේන අයගෙන් මැඩම්ගෙ කය ආරක්ෂා කරන්න විතරයි. මැඩම්ම කියනවනෙ ශරීරයක් නැති මළගිය ආත්ම ඕනතරම් අපිවටේ ඉන්න කියල... ඒ කවුරුහරි මැඩම් නැති අතරෙ මැඩම්ගෙ කයට රිංගන්න හැදුවොත් මං මොකද කරන්නෙ?"

ගෝවින්ද්‍රන් ඇසුවේය.

"මං යන්නෙ මගේ ශරීරය වටේ ආරක්ෂා වළල්ලක් දාලයි... එයින් ඇතුළට එන්න ඇහැට නොපෙනෙන කවුරුහරි උත්සාහ කළොත් ඒ ආත්මය ඇතුළට වැටෙන්නෙ පිච්චිලා අළුවෙලා... ඒ හින්දා ගෝවින්ද්‍ර බයවෙන්න එපා.."

ධාරා ගෝවින්ද්‍රව සනසා ඇඳ මත දිගාවී නිසල විය. ඒත් සමඟම ඇඳ අසල දිගාකර තිබූ පූස් කයේ පැහැදිලි වෙනසක් වෙනවා ගෝවින්ද්‍රන් දුටුවේය.

Author මොනිකා පුෂ්ප කුමාරි - Monika Pushpa Kumari (44)
Publisher වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන - Warna Graphic & Publications (55)
More Information
ISBN 9789550225279
පිටු ගණන 296
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:භවය පුරා සරණ තුරා
Back to Top