භවය පුරා සරණ තුරා
"මං තව ටිකකින් මේ පූස් කයට ඇතුළු වුණාට පස්සෙ ගෝවින්ද්‍රන් ජනේලෙ ඇරල මාව එළියට දාන්න ඕන.. වැදගත්ම දේ මං මගෙ වැඩේ ඉවර කරල එනතුරා ගෝවින්ද්‍රන් මගෙ ශරීරය බලාගන්න ඕන.."
ධාරා තමන්ගේ යටත් සේවකයාට කීවේය.
"ඒත් මැඩම් මට පුළුවන් ඇහැට පේන අයගෙන් මැඩම්ගෙ කය ආරක්ෂා කරන්න විතරයි. මැඩම්ම කියනවනෙ ශරීරයක් නැති මළගිය ආත්ම ඕනතරම් අපිවටේ ඉන්න කියල... ඒ කවුරුහරි මැඩම් නැති අතරෙ මැඩම්ගෙ කයට රිංගන්න හැදුවොත් මං මොකද කරන්නෙ?"
ගෝවින්ද්‍රන් ඇසුවේය.
"මං යන්නෙ මගේ ශරීරය වටේ ආරක්ෂා වළල්ලක් දාලයි... එයින් ඇතුළට එන්න ඇහැට නොපෙනෙන කවුරුහරි උත්සාහ කළොත් ඒ ආත්මය ඇතුළට වැටෙන්නෙ පිච්චිලා අළුවෙලා... ඒ හින්දා ගෝවින්ද්‍ර බයවෙන්න එපා.."
ධාරා ගෝවින්ද්‍රව සනසා ඇඳ මත දිගාවී නිසල විය. ඒත් සමඟම ඇඳ අසල දිගාකර තිබූ පූස් කයේ පැහැදිලි වෙනසක් වෙනවා ගෝවින්ද්‍රන් දුටුවේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.