බිම්මල් වැස්ස

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
bimmal-wessa-aruna-ahas-rathnayaka-bookrack-publishers

බාග හඳක් පායලා තිබුණා. පාළුවට ගිය බංගලාවේ දොරකඩට එන කල් ම, කැලෑව හිටු කියලා යට කරගෙන ඇවිදින් තිබුණා. කළුවරේ වුණත් වැම්පයර්ට නම් සෑහෙන්න හොඳට ඇස් දෙක පෙනුණා. එයා ඉස්තෝප්පුවෙන් මිදුලට අඩියක් තියද්දි ම, කැලේ ඉතිරි වෙලා හිටිය නාකි නරි දෙතුන්දෙනා, ගමේ කනත්ත පැත්තේ ඉඳන් හරි අමාරුවෙන් වගේ හූ කියන්න ගත්තා. ගම පැත්තට යන්න තියපු අඩියක් අඩියක් ගාණේ, සෙරෙප්පුවත් දාලා නැති කකුල්වලට, ගස්වලින් වැටිලා වේළිච්ච කොළ සරබර ගාලා පෑගෙන්න ගත්තා. කොහෙ දෝ ඉඳන් කඩි කුලප්පුවෙන් දුවගෙන ආව රෑ බදුල්ලෝ හත් අට දෙනෙක්, අමතක වෙච්ච පාරවල් පෙන්නන්න හදනවා වගේ, එයා ඉස්සරහින් බිම දිගේ සිග්සැග් හැඩේට අහාට මෙහාට ගියා. අහිංසකයි කියන සත්තු, ඒ පැත්ත පලාතේවත් ඉන්නේ නැතුව පැනලා ගිහින් පරෙස්සම් තැන් වල හැංගුණා. ගස් උඩ හිටිය වවුල්ලු, කකුල් වලින් එල්ලිලා ඉන්න ගමන්ම, අත්තටු එකට කරලා එයාට වැන්දා.

Author අරුණ අහස් රත්නායක - Aruna Ahas Rathnayake (2)
Publisher බුක්රැක් ප්‍රකාශන - Bookrack Publishers (70)
More Information
ISBN 9786245663606
පිටු ගණන 111
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බිම්මල් වැස්ස
Back to Top