බිම්මල් වැස්ස
බාග හඳක් පායලා තිබුණා. පාළුවට ගිය බංගලාවේ දොරකඩට එන කල් ම, කැලෑව හිටු කියලා යට කරගෙන ඇවිදින් තිබුණා. කළුවරේ වුණත් වැම්පයර්ට නම් සෑහෙන්න හොඳට ඇස් දෙක පෙනුණා. එයා ඉස්තෝප්පුවෙන් මිදුලට අඩියක් තියද්දි ම, කැලේ ඉතිරි වෙලා හිටිය නාකි නරි දෙතුන්දෙනා, ගමේ කනත්ත පැත්තේ ඉඳන් හරි අමාරුවෙන් වගේ හූ කියන්න ගත්තා. ගම පැත්තට යන්න තියපු අඩියක් අඩියක් ගාණේ, සෙරෙප්පුවත් දාලා නැති කකුල්වලට, ගස්වලින් වැටිලා වේළිච්ච කොළ සරබර ගාලා පෑගෙන්න ගත්තා. කොහෙ දෝ ඉඳන් කඩි කුලප්පුවෙන් දුවගෙන ආව රෑ බදුල්ලෝ හත් අට දෙනෙක්, අමතක වෙච්ච පාරවල් පෙන්නන්න හදනවා වගේ, එයා ඉස්සරහින් බිම දිගේ සිග්සැග් හැඩේට අහාට මෙහාට ගියා. අහිංසකයි කියන සත්තු, ඒ පැත්ත පලාතේවත් ඉන්නේ නැතුව පැනලා ගිහින් පරෙස්සම් තැන් වල හැංගුණා. ගස් උඩ හිටිය වවුල්ලු, කකුල් වලින් එල්ලිලා ඉන්න ගමන්ම, අත්තටු එකට කරලා එයාට වැන්දා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.