Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බොත්තමක දැවටුණ මරණය

බොත්තමක දැවටුණ මරණය

About this book

පුදුමය රැඳි දෙනෙත් තම පුතුන් දෙසම තබාගෙන දේවක අසන්නේ ඇයවත් කිසිදා හැබැහින් දැක නැති බංගලාවක් ගැන අවුරුදු හතරක් වයසැති තම පුතු මේ තරම් පැහැදිලිව පවසන්නේ කෙසේද කියා ය.. එහි ද්වාරයන් සහ අවට වටපිටාව ගැනද ඔහු හැබැහින් දුටුවා සේ පැවසීම ඇයව ව්‍යාකූල කිරීමට සමත් වීය..

මමයි, සව්හුයි, කෙණ්හුන් එක්ක නව දෙන්නෙක් ගියා අම්මා. මට අනින් දෙන්නගේ නම් මතක නෑ..”

"ඔය බංගලාව තියෙන්නේ ලොකු කන්දක් උඩ.. ඒ දෙපැත්තෙම ලොකු බෑවුම් නියෙන්නේ.. අපිත් එක්කම අපි ගිය වාහනේ ඒ හෙලෙන් පහළට පෙරළුණා අම්මා..

දෑස් තවමත් රූපවාහිනිය මත දිස්වෙන මවුන්ට් මේරි බංගලාව මනම රඳවාගෙන පුංචි නිශු පවසන්නේ දැඩි කනස්සල්ලකින් ය.. අවසන් වදන් මුවින් පිටවද්දී ඔහුගේ සිඟිනි දෑස්වල කදුළු ය.

නිශු නවත්තන්න කිව්වේ ඔය බොරු කියන එක.. ඇත්ත කියන්න කවුද ඔයාට ඔය බංගලාව ගැන කියලා දුන්නේ.

සිඟිති පුතු පවසන වදන්වලින් නොසන්සුන් වූ දේව්‍යා අත රැඳි කෙටි තුවායන් එනන ම තිබූ කුඩා මේසය මතට විසි කරමින් අඩියක් දෙකක් නිශූ අසලට තබා ඔහුගේ බාහුවකින් අල්ලා ගනිමින් දැඩි හඬින් විමසන්නේ බාහුව ද සොලවන ගමන් ය..

මම නිශූ හෙවෙයි.. මම කෙනුල්. කෙනුල් දේශ්ම වීරරත්න..”

ISBN
9789557012148
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බොත්තමක දැවටුණ මරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.