Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බූවල්ලා

බූවල්ලා

About this book

යුද කටයුතු වෙනුවෙන් විද්‍යාව භාවිතා කිරීම සිදු

කරන්නේ අද ඊයෙක සිට නොවේ.

 

සිටි ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් නමින් හැඳින්වූ එක්තරා පර්යේෂණාගාරයක්

තුළ සුවිශේෂී, යුදමය අතින් ඉතා වටිනා සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය

වෙයි. එය නිර්මාණය කරන්නට පෙර කී ආයතනයේ හිමිකරු වැය

කරන්නේ අතිමහත් වූ කාලයකි; ධනස්කන්ධයකි. ඔහුගේ ඒකායන අරමුණ

එය එරට රජයට අලෙවි කිරීම ය.

 

එහෙත්,

එක්තරා දිනෙක, අධික වටිනාකමකින් යුතු සුපිරි සොල්දාදුවා

පර්යේෂණාගාරයෙන් අතුරුදන් වෙයි!

එය සිදුවූයේ කෙසේද? ඊට හවුල් වූ අයගේ අරමුණ යහපත් ද?

අයහපත් ද?

 

වියරු වැටුණු පෙර කී ආයතන හිමිකරුවා, අතුරුදන් වූ සිය ‛නිර්මාණය’

සොයා යනු පිණිස සහය පතන්නේ රජයේ ආරක්ෂක අංශවලින් නොව,

නාශකයා’ ලෙස තමන් හඳුන්වාගත් කුප්‍රකට කුලී ඝාතකයෙකු ගෙනි.

 

මේ වූ කලී, කුතුහලයත්, ත්‍රාසයත්, ආදරය හා සෙනෙහසත් මුසු වූ

විද්‍යා ප්‍රබන්ධ නවකතාවකි.

Details
ISBN
9786245666102
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බූවල්ලා

Reviews are published once a member of our team has read them.