දෙබිඩි - හිරන්ත සිල්වා

Special Price රු. 600.00 Regular Price රු. 750.00
In stock
SKU
debidi-hirantha-silva-enee's-book-cabin-publishers

දැන් දැන් අඳුර වැටෙන යාමයේ ගම්මානය තව තවත් වෙනදා නොමැති හුදකලාවක ගිලෙයි. ගම්මු නිවෙස් තුළට වී සිටිමෙන් හෝ මද සැනසීමක් ලැබූහ. නමුත් එයට ඉඩක් නොවූයේ, මහ රෑ ජාමෙට නිවෙස් වලට ගල් මුල් ප්‍රහාර එල්ලවන්නට වූ හෙයිනි. අමුතු ආකාරයේ කෑ ගැසීමක් ද ඒ සමඟම ඇසෙයි. ඒ ඇසූ කුඩා දැරුවෝ බිය වී හඬන්නට පටන් ගනිති. මෙනිසා ගම්වැසියන්ට සිය නින්ද පවා අහිමි විය. සුදු පැහැති අමනුෂ්‍යයෙකු වැන්නෙක් නිවෙස් වල ජනෙල වලින් ඇතුළට එබී බැලීම, මෑතක සිට සිදු වීමට පටන් ගෙන ඇත. සමහරු ගෙවල් හැර දමා ගියෝ ය. සමහරු කොතෙක් බිය වීද යත්, තමන්ගේ වටිනා බඩු බාහිරාදිය පවා අතහැර ගියෝ ය. එහෙත් පසුව එම නිවෙස් කව්රුන් විසින් හෝ කොල්ලකා තිබුණි. මේ සියල්ල පසු පස වැටී ඇති භීතියේ සෙවණැල්ල කවුරුන්ද යන්න සැවොම දන්නා කරුණකි. නමුත් ඒ වෙනුවෙන් ඔවුනට කළ හැකි දෙයක් නොවීය.

Author හිරන්ත සිල්වා - Hirantha Silva (1)
Publisher Enee's Book Cabin Publishers (4)
More Information
ISBN 9786246541033
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙබිඩි - හිරන්ත සිල්වා
Back to Top