කොෂ්මාර්
ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි සංචාරයකට යන ශ්‍රී ලාංකික යුවලකගේ තෙහැවිරිදි කුඩා පුතු එහි ප්‍රධාන දුම්රිය පොළේ ජනකාය අතර සිදුවූ මග හැරීමකට පසු අතුරුදහන් වෙයි. සැබවින්ම කිසිවෙකු විසින් දරුවා හොරකම් කරගෙන යනු ලබයි.
මේ කතාවෙන් කියැවෙන්නේ මවකට පියෙකුට කෙසේවත් දරාගත නොහැකි ඇග ලොමුදැහැ ගැන්වෙන බිහිසුණු හා කම්පනීය එම සිද්ධි මාලාවයි.
ජිනීවා කියන්නේ මුළු ලෝකෙම මිනිස්සු තමන්ගේ ප්‍රශ්න අරගෙන ඇවිල්ලා යුක්තිය සාධාරනත්වය ඉල්ලන තැන. ඔයාලා මුළු ලෝකෙටම මානව හිමිකම් ගැන කියලා දෙන්නේ මෙතැන ඉඳගෙන. අපි මේ රටට එනකොට අපේ ජිවිතවල කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. අපි සතුටෙන් හිටපු පුංචි පවුලක්. දැන් අපිට උහුලන්න බැරි ප්‍රශ්නයක් ඇති කෙරුවේ ඔබලගේ රට අපේ මානව හිමිකම් විනාශ කෙරුවේ ඔබලගේ රට. ඔබලා මේ ගැන සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. ජිනීවා ප්‍රධාන දුම්රියපොළ අනාරක්ෂිත තැනක්. සීසීටීවී කැමරා වැඩ කරන්නේ නැහැ. ඔබලාගේ පොලීසිය කාර්යක්ෂම නැහැ. මට පේන විදියට උදාසීනයි. ළඟට ආවොත් මීයෝ අල්ලන පුසෙක් වගේ. මම ලංකාවේ පත්තර වලට ලියන නිදහස් ලේඛකයෙක්. මේ අපරාදය වෙච්ච හැටි මම ලියනවා. ජිනීවා වල තියන මානව හිමිකම් පට්ට ගහනවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.