සින්ඩරෙල්ලාමය මිනිසෙකුට
ගොඩට එන්නට හෝ එහා ඉවුරට පිහිනා යන්නට නොවේ. ගංදිය රැලි වැළඳ ගනිමින්, ඒ සොඳුරු ඇකයේ නැළවෙමින් ආත්මය පිනවා ගන්නටය. ඉනික්බිතිව ඒ ආත්මය තමා අවට සිටින සියල්ලන්ගේම සිත්සතන් සනහාලමින් හෝ හැඟුම්බර කරමින්, කවිය ලෙසින් හුදී ජනයාගේ බුහුමනට ලක් වෙමින් අවකාශයේ සැරි සරන්නේය. කවියේ සැබෑ ස්වභාවය චිත්‍රණය කරන්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත්තේ එම නිසාය. එය තම තම නැණ පමණින් වටහා ගත යුතු, විඳිය යුතු අපූර්වතම රිද්මයානුකූල සිතුවිලි සමුදායකි. අහස පොළොව අතර ඇති දැවැන්ත වූත්, ඇසට පෙනෙන
නොපෙනෙන තරම් ක්ෂුද්‍ර වූත් සියල්ල තුළම කවියක් සැඟවී තිබෙන බැව් දන්නේ කවියෙකු පමණකි. කවියා තමන් වෙනුවෙන් නොව මුළුමහත් ලෝකයම වෙනුවෙන් ඒ කවිය සොයා යන්නේය. එය සොයා ගත හැක්කේ සෑහෙන පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවය. මෙතෙක් නවකතාකාරියක ලෙස අප හැඳින ගෙන සිටි චින්තනී අමරසිංහත් ඒ අසීරු ගමනට පිළිපන් බව ඇසීමෙන් මම අමන්දානන්දයට පත් වීමි. සැබැවින්ම නියම කවිය ඇත්තේ වදන් පේළිවල නොව ඒවා අතර හිස් ඉඩ වරයේය. පාඨකයාට ඒ කවිය කියවා ගන්නට ඉඩ දීම දක්ෂ කවියෙකුගේ ලක්ෂණයකි. මා චින්තනී තුළින් අනාගත මහ කිවිඳියක දකින්නේ ඇගේ නිර්මාණ තුළ ඒ ලක්ෂණය නොඅඩුව පවතින නිසාය.
චන්දි කොඩිකාර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.