සීනු නදී
එක්තරා ආසියාතික දිවයිනකි. පවතින ආණ්ඩුව කෙරෙහි කාලයක් තිස්සෙ මහජනතාව අතර ඇතිවෙමින් තිබු විරෝධාකල්පය එක් ටැග් ලයින් එකක් සහිතව බෙදා හැරුණු පෝස්ට් නිසා සමාජ මාධ්‍ය ඇවිළී ගිය අතර ගාලු මුවදොර මුහුදුබඩ බිම්කඩ කුහුඹු පොදි මිනිස් හිස් වලින් වැසී ගියේය. ශබ්ද කෝෂයේ පැවති අරගලය නමින් වු වචනයක් ජන වහරට කාන්දු වුයේ ඒ සිද්ධිය හේතු කොටගෙනය.
එක් දිනක මේ සියල්ල එක තැනකදී පුපුරා ගිය අතර මිනිස් බළමුළු විසින් කොළඹ නගරයේ පාලන මර්මස්ථාන අනීතිකව අත්පත් කරගන්නා ලදී. එදා, ඒ දවසේ වික්ටෝරියා උද්‍යානය අසල දී සීනුනදී ඉලංගකෝන් නම් වූ අරගලකාරි යුවතිය, කස්මික මලිත් කහටපිටිය නම් තරුණයාගේ ඇස ගැටුණේ සහමුලින්ම අහම්බයකිනි.
“ජනාධිපති ඉල්ලා අස්වුණත් නැතත් මං ඔයාට ආදරෙයි” මේ කතාව පටන් ගන්නේ එයින් පසුවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.