කොලාජ්
කොලාජ් වූ කලී චිත්‍රකලාවේ සම්භාව්‍ය සම්මතයන් ඉරා පැන නැඟුණු කැරැල්ලකි. කැරැල්ල සම්මතය පිළිකෙව් කළද කොලාජ් සම්මත සිත්තමේ වර්ණ රේඛා හැඩතල ආදි කිසිවක් ප්‍රතික්ෂේප නොකරයි. එහෙත් ඒ සියල්ල කොලාජයක සමූහගත කෙරෙනුයේ සම්මතයේ නිර්මාණ මූලයන්ට පටහැණිවය.
කොලාජයකටද සිතුවම් තලයක් අවශ්‍ය කෙරෙයි. එහෙත් සම්මත සිතුවමේ වර්ණ - රේඛා - හැඩතල ගොඩනැඟීමට අවශ්‍ය කෙරෙන ආලේපන ද්‍රව්‍ය සහ පින්සල්, පැලට් ආදි උවාරණයන්ට අමතරව එයට ඇලවීමේ ද්‍රව්‍ය, කැපුම් උපකරණ සහ මුද්‍රිත පෙරනිමි ද්‍රව්‍යයන්ද අවශ්‍ය කෙරෙයි. එහෙයින් විය යුතු පරිද්දෙන්ම කොලාජ් සිතුවම ස්වනිර්මාණයක් වුව, සාමූහික නිර්මාණයක ලක්ෂණද පෙන්වයි.
ඉතින් කොලාජ් සිතුවමක් සාර්ථක වීමට සිත්තරාට සම්මත ශිල්පීය සිතැඟි ඉක්මවා ගිය විප්ලවීය බුද්ධි ප්‍රභාවක් අවශ්‍ය කෙරෙයි. ඔහු තනි නිර්මාණකරුවකු නොව, සමූහයක් සමූහගත කරන්නෙකි. ඒ සමූහගත කිරීම් බිඳ වැටුණු තැන සිත්තමක් නම් නැත; එහෙත් කොලාජයක් පවතී.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.