දඩයම්කරුවෝ
විශ්වකීර්තිධර රුසියානු ලේඛක ඇන්ටන් පැවුලොවිච්චී චෙකොෆ් විශිෂ්ට ගණයේ කෙටිකථා රචකයෙකු හා නාට්‍ය රචකයකු ලෙස සිංහල පාඨක ප්‍රසාදය දිනා ඇත. එහෙත් ශූර නවකථා රචකයකු ගේ කුසලතාව උරුම කොට ගත් ලේඛකයකු ලෙස ඇන්ටන් චෙකොෆ් සිංහල පාඨකයන් හට මුණ ගැසෙනුයේ මුල් වරට ය. ඔහු තමා ගේ The Shooting Party නවකථාව රචනා කළේ, වර්ෂ 1884 හි දී ය. ඇතැම් විචාරකයෝ එය රහස් පරීක්ෂක කථා නමැති කථා ප්‍රවර්ගයට අයත් ගති ලක්ෂණ ඇති නවකථාවක් ලෙස හඳුන්වති. එහෙත් The Cherry Orchard (1904) නාට්‍යය හා The Lady with the Little Dog (1899) වැනි විශිෂ්ට ගණයේ කෙටි කථා රචනා කළ ලේඛකයකු රහස් පරීක්ෂක නව කථාවක් ම ලියා පළ කරතැයි සිතීම යම් පමණකට අසීරු කාර්යයකි.
ග්‍රාමීය සමාජයක වාසය කරන, ඉහළ පෙළේ සමාජ තත්ත්වයක් හොබවන, ස්ත්‍රී පුරුෂ චරිත කිහිපයක ආත්මාභ්‍යන්තරය එළිදරවු කරනු පිණිස, වෙකොෆ් මේ කථාව රචනා කරන්නට ඇතැයි සිතිය හැකි ය. පසුකාලීන ව, ඔහු රචනා කළ විශිෂ්ට ගණයේ කෙටි කථාවල හා නාට්‍යවල රැඳී ඇති මනුෂ්‍ය ආත්මය විනිවිද දැකීමේ අපූර්ව හැකියාව, ලේඛක දිවියෙහි ඇරැඹුමේ දීම චෙකොෆ් තුළ පැවැති ආකාරය මෙම නව කථාවෙන් එළිදරවු කැරෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.