Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දඩයම්කරුවෝ

දඩයම්කරුවෝ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

විශ්වකීර්තිධර රුසියානු ලේඛක ඇන්ටන් පැවුලොවිච්චී චෙකොෆ් විශිෂ්ට ගණයේ කෙටිකථා රචකයෙකු හා නාට්‍ය රචකයකු ලෙස සිංහල පාඨක ප්‍රසාදය දිනා ඇත. එහෙත් ශූර නවකථා රචකයකු ගේ කුසලතාව උරුම කොට ගත් ලේඛකයකු ලෙස ඇන්ටන් චෙකොෆ් සිංහල පාඨකයන් හට මුණ ගැසෙනුයේ මුල් වරට ය. ඔහු තමා ගේ The Shooting Party නවකථාව රචනා කළේ, වර්ෂ 1884 හි දී ය. ඇතැම් විචාරකයෝ එය රහස් පරීක්ෂක කථා නමැති කථා ප්‍රවර්ගයට අයත් ගති ලක්ෂණ ඇති නවකථාවක් ලෙස හඳුන්වති. එහෙත් The Cherry Orchard (1904) නාට්‍යය හා The Lady with the Little Dog (1899) වැනි විශිෂ්ට ගණයේ කෙටි කථා රචනා කළ ලේඛකයකු රහස් පරීක්ෂක නව කථාවක් ම ලියා පළ කරතැයි සිතීම යම් පමණකට අසීරු කාර්යයකි.

ග්‍රාමීය සමාජයක වාසය කරන, ඉහළ පෙළේ සමාජ තත්ත්වයක් හොබවන, ස්ත්‍රී පුරුෂ චරිත කිහිපයක ආත්මාභ්‍යන්තරය එළිදරවු කරනු පිණිස, වෙකොෆ් මේ කථාව රචනා කරන්නට ඇතැයි සිතිය හැකි ය. පසුකාලීන ව, ඔහු රචනා කළ විශිෂ්ට ගණයේ කෙටි කථාවල හා නාට්‍යවල රැඳී ඇති මනුෂ්‍ය ආත්මය විනිවිද දැකීමේ අපූර්ව හැකියාව, ලේඛක දිවියෙහි ඇරැඹුමේ දීම චෙකොෆ් තුළ පැවැති ආකාරය මෙම නව කථාවෙන් එළිදරවු කැරෙයි.

ISBN
9789556564204
පිටු ගණන (Pages)
341
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දඩයම්කරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.