දලු ලන ඉපල්
තමන් වෙතින් ගිලිහී ගිය වසන්තය තම පුතු මතින් දිනා ගන්නට වෙර දරන යකඩ ගැහැනියකි. අරමුණු හා ඉලක්ක අතර මානසික සුළි කුණාටුවකට මැදිවූ තරුණයෙකි. මේ දෙදෙනා මැදිකර ගත් පවුලේ අතීත ශ්‍රී විභූතිය පළිගැනීම්, කඳුළු සහ සුසුම්වලට රූපාන්තරණය වන අයුරු මෙහි පෙළින් පෙළ සිතුවම් වෙයි.
මනෝ ව්‍යාධියකට පත් පුද්ගලයකුට නිවැරැදි ප්‍රතිකාර සහ නිසි සැලකිල්ල යොමු කිරීමෙන් සිදුවිය හැකි මහා විනාශයක් වැළැක්විය හැකි බව මේ කතාවෙන් ඉස්මතු වෙයි.
මේ අමිල මුතුකුට්ටිගේ ප්‍රථම නවකතාවයි. අමිල ලේඛකයෙකු ලෙස දොරට වැඩියේ “මව්බිම” සහ “ඩේලි මිරර්” පුවත්පත්වලට සැපයූ තීරු ලිපිවලිනි. ගතවුණු දශකයකට වැඩි කාලයක සිට සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාද්වයෙන්ම ඔහු ආර්ථික විද්‍යා විෂය පිළිබඳව ලියා තිබේ.
“වෙනස් වෙන්න පටන් ගන්න” සහ “බිංදුවේ වටිනාකම” යන පුද්ගල සංවර්ධනය පිළිබඳව ලියැවුණු ග්‍රන්ථ දෙකෙන් ඔහු ග්‍රන්ථකරණයට යොමු විය.
රුහුණු ගිරුවාපත්තුවේ, කුඩාගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ තලාව මහා විද්‍යාලයෙනි. අනතුරුව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, අන්තර්ජාතික සබඳතා සහ සබඳතා සහ සමාජ විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද හිමිකර ගත්තේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.