Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දම් සෙනෙවි

දම් සෙනෙවි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එකල පරසිඳු සාරද නම් වූ මම, ජනුත්තම අනෝමදස්සී නරශ්‍රේෂ්ඨයන් වහන්සේගෙන් ලත් නියත විවරණයෙන් ඇරඹ, සම්බුදු අගසව් පදවිය පතා දිවිහිමියෙන් පාරමී දම් පිරුවෙමි. පිරූ පාරමී බලනැගී, උතුම් මාපිය යුවලකට ජාතක වීමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාට නායක වීමි.

අපමණ ධන ධාන්‍ය, භවභෝග ලදිමි. රන් රිදී, මුතු මැණික් ආදියෙන් ආඪ්‍ය වූවෙමි.

පුබ්බේ කත මහ පිනක මහිමය! ගිහිගෙදර ගිනිගෙයක් සේ දුටිමි. සෙනෙහසේ ප්‍රතිමූර්තිය වූ, උතුම් මාපිය යුවල අත්හැරියෙමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාද අත්හැරියෙමි. කෙළ ගණනක් වූ මහා ධන නිධාන, උදෑසන ලූ කෙළ පිඬක් සේ ඉවතලා අභිනික්මන් කළෙමි. අතිජාත මිත්‍ර කෝලිතයන්ද සමඟින්, සත්‍ය සොයමින් සැරිසැරුවෙමි.

පාරමීදම් බල නැගිනි. කරුණා නිධාන වූ මාගේ ගුරු දේවෝත්තම අස්සජි මහ තෙරුන්ගෙන් ඇසූ එක ම බණ පදයකින්, අරීය කුලයේ උපත ලදිමි. ජිනේන්ද්‍ර සීහ වූ ධර්ම රාජයාණන් වහන්සේගේ පාමුල, සියලු කෙලෙස් මුල් උදුරා දැමුවෙමි.

සම්බුදු සසුනේ අගසව් පදවියෙන් පිදුම් ලැබුවෙමි. පසැස් ඇති සුගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ ප්‍රශංසා නොයෙක් විට ලැබුවෙමි. ජිනසසුනේ පණැසට අග්‍ර වූවෙමි. ධර්ම රාජයාණන්ගේ ධර්ම රාජ්‍යයේ, දම් සෙනෙවි පදවියෙන් පිදුම් ලදිමි. සැමගේ අවවාද ඉස් මුදුනින් පිළිගතිමි. අකම්පිත සිත් ඇතිව නින්දා, ප්‍රශංසා දුරු කළෙමි. පින් සපිරි සැම සතුන් නිවනෙන් සනසාලීමි. පුරා සිවු සතළිස් වසක් මුළුල්ලේ, සම්බුදු සසුනට දිවිහිමියෙන් පණපොවා, සසර ණය ගෙවූවෙමි.

අවසන, වැදූ මව් සම්දිටු සුගතියෙහි පිහිටුවා, කිරි ණයද පියවීමි. පිරිනිවී නිවන් පුර වැදීමට දැන් කාලයයි. ජාත ඕවරකයේ පිරිනිවෙන්නට, ස්වාමීනි මට අවසරයි.

ජිනේන්ද්‍ර සීහ වූ බුදුපියාණන් වහන්ස, ඔබ වහන්සේ වෙත පැමිණි මා හට යහපතක් ම විය.”

දම් සෙනෙවි මහ තෙරුන් වහන්සේ.

ISBN
9786246246099
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දම් සෙනෙවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.